ඉර එළිය වැටෙනවා. මගෙ මූණට කලින් වැටුන ළා ඉර එලිය එන්න එන්නම තද වෙද්දි මට ටිකක් අමාරු උනත් මං ඉර එළිය වැටිලා මගෙ මූණ රත් වෙනවට ආස කරා. මං දන්නෑ..
"විශ්මික අව්වයි නම් ඔතනින් අයින් වෙන්න.."
මිස්ලා කියවද්දි මං හිනාවෙලා එතනම ඉඳගෙන හිටියා.. ඉර එළියවැටිල මගෙ සුදුහම දිස්නෙගහනවා ඇති..
උගන්නන වෙලාවට ඒකටම විතරක් අවධානෙ දුන්න මම මිස් බෝඩ් එකේ ලියපු සේරම මගෙ පොතේ ලියාගන්න ගත්තා... අව්වත් සැරයි.. අව්ව සැරට ලාවට මගෙ කන ළඟින් දාඩිය ගලන් යද්දි මං අතින් හිමීට පිහිදන් ආයම ලියන්න ගත්තා...විනාඩි කීපයක් යන්න ඇති.. අව්ව පෑව්වා හා සමානව මගෙ මූණට වැටෙන අව්ව එහෙම්ම නැතිවෙලා ගියා.. වහින්නවත් යනවද? වැඩිය ඒකට අවධානෙ නොදුන්න මම සම්පූර්ණම නෝට් එක ලියාගන ජනේලෙන් එලිය බැලුවා..
ඒත් දෙවියනෙ මං දැක්කෙ මගෙ මූණට අව්ව වැටෙන්නෙ නැතිවෙන්න මගෙ පැත්ත හැරිලා හිටගෙන ඉන්න අර නසරානි කටකාරයා...
එක විනාඩියකට මට ලෝකෙම නතර උනා වගේ දැනෙද්දි මං ඒ කටකාරයා දිහා බැලුවා.. දෙයියනේ ඒකා හිනාවෙනවා.. කට්ට අව්වට පිට දීගන මට හිනාවෙනව... මොන යකෙක් වැහිලද මේ පොඩි කොල්ලට.
'මගෙ සුදු නෙලුම...'
එයාගෙ තොල් මං දිහා බලන් මතුරනවා..."දේශ්" එයා දිහා බලන් ඉඳපු මගෙ මුළු ඇඟේම හිරිගඩු පිපෙද්දි මං පිස්සෙක් වගේ ඒ දිහා බලන් හිටියා.. අනේ පොඩි කොල්ලා ඇස් හීනි කරන් හිනාවෙනවා.
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...