ට්‍රිප් එකේ අපි තැන් කීපයක් තෝරන් හිටියා. අද අපිට තිබුනෙ තැන් තුනක් බලන්න යන්න.. පළවෙනියටම අපි යන්න ප්ලෑන් කරේ කෝණේශ්වරම් කෝවිලට.. කොහොමත් ගමන්පටන් ගන්න කලින් ආශිර්වාද ගන්න එක හොඳයිනෙ.. මං කියන්නෙ මොන ආගමේ උනත්.. නේද?
"හවසට මුහුදට යනවා.. බහින්න බලාපොරොත්තු වෙන ළමයි අමතර ඇඳුමකුත් දාගන එන්න... අමතර ඇඳුම් කීපයක් ගේන්න කියලා අපි දැනුවත් කළානෙ.."
විනය භාර සර් ඇවිත් කියද්දි තේ බීල යන ගමන් ඉඳපු හැමෝම ඔළු වැනුව. හයටවත් ඇති දැන්. දේශ්ට ආසයි කිව්වා නේවි කෑම්ප් එකේ කෞතුකාගාරෙ බලන්න ඒ හින්ද මං කලින් ට්‍රිප් එක ප්ලෑන් කරද්දි ඒකත් හොරෙන් ඇඩ් කළා.. මං කිව්වෙ මිස්ලා එක්ක කතා කරල. අද ගමන් ටික මෙහෙමයි..
පළවෙනියටම කෝනේශ්වරම් ගියා..ගිහින් එතන පැය කීපයක් ඉඳලා ෆෙඩ්‍රික් කොටුවට යනවා. දවල් වෙද්දි යන්න පුළුවන්නේ. ඒ ගිහින් ලන්ච් එහෙම අරන් එතන පොඩි ෆන් එකක් අරන් හවස් වෙද්දි මුහුදට යනව. ලොකූම ශුවර් එකක් නෑ ගොඩක් වෙලා මුහුදෙ ඉන්න දෙයි කියලත්. බයයිනෙ මොනා උනත්..
"චූටි මැනික ඇඳුම් ගන්නවද?"
"ඔව් ඔව් ආය පිස්සුවක් ඇතෑ සුදු මහත්තය මුහුදෙ බහින්න පුළුවන්කම තියන් නොබැහැ ඉන්න?"
"ම්.."
"ඔයා බහින්නෙ නැද්ද සුදු අයියෙ..?"
මං ගාවට ආව දේශ් අහද්දි මම මූණ ඇකිළුවා.. බහින්න ලොකු ආසාවක් නෑ.. කොහොමත් ආස විදිහට මුහුදෙ නටන්න නම් බෑනෙ.
"ආසාවක් නම් නෑ..."
"අපෝ බහිමුකො..මොකක්ද අනේ නිකන් මෝඩ කම්මැලියා වගේ හිටන් ඉන්නද කල්පනාව.."
දේශ් දිගටම ඇඟේ වෙලි වෙලි බහිමුම කියද්දි මං නළල ඇඟිලි දෙකකින් පොඩ්ඩක් තෙරපව ගත්තා. දේශ් හම්බෙන්න කලින් මං ඇත්තටම මොන ට්‍රිප් එකක්වත් ආවෙ නෑ. ඉඳල හිටල දෙකක් තුනක් ගිහින් ඇති. මට හරියටම ජීවත් වෙනව කියන දේ මොනවගේද කියල දුන්නෙත් දේශ්. ආවත් නාන කරන දේවල් වලට නොගිය මගෙ හිතේ මේ පාර වතුරට බහින්න ඕන උනත් හිතේ පොඩි චකිතයක් තිබුන. හරියට ඕනත් වගේ බෑත් වගේ..
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...