තිස් හත්වෙනි පරිච්ඡේදය

180 22 19
                                    

"අයියා නැද්ද බන්.. "

"නැහැනෙ.. යන්න කියල මැසේජ් එකක් දාලා තිබුන එන්නම් කියලා. ම්හු ඔහෙ නෑ බං.."

"මටත් දැන් බයයි වගේ."

"කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නෑ බන් ඉන් පස්සෙ. අයියා අද basketball practice ඉන්නත් ඕනෙ"

"එහෙනම් එයි. බය නොවී හිටපන්කො. කැප්ටන් නෑවිත් ඉන්නෙ නෑනෙ."

"මට බයයී කෙවිනා!"

මමයි කෙවිනුයි හිටියෙ ඉස්කෝලෙ. ඊයෙ 'මං හොඳින් හෙට ඔයාල ඉස්කෝලෙට යන්න' කියලා දාලා තිබ්බ මැසේජ් එකෙන් පස්සෙ වෙන කිසිම දෙයක් අයියගෙන් නැතිවෙද්දි මං හිටියෙ වලිගෙ ගිනිගත්ත හනුමා වගේ කලබල වෙලා. වෙලාවකට මට අයියලාගෙ ගෙදරට පනින්න හිතුනා , වෙලාවකට බෙල් එක ගහලා අයියගෙ තාත්තාව ගෙන්නගෙන ඔළුව පැලෙන්න දෙකතුනක් දෙන්න හිතුනා , තවත් වෙලාවකට මට අර කාර්ටූන්වල වගේ පොළව යටින් වලක් හාරන් ගිහින් අයියගෙ ගේ ඇතුළෙන් මතු වෙන්න හිතුන.

"උඹට ඕන්නං ඉස්කෝලෙන් පයිමු!"

"අයියා ආවොත් බං?"

"ඕන එකක් මචන් මං ඉන්නව. ඕන ලබ්බක් කියපන්කො. මොනාද වෙන්න ඕන මොනාද කෙරෙන්න ඕන කියලා. මං ශෙනෝල් අයියා ආවම වචන දාලා අහගන්නම්."

"ම්ම්න්"

මං හිටියෙ හෙනම අවුලෙන්. අවුලෙන් කියන්නෙ මට වෙන මොකුත්ම කරන්න හිතුනෙ නෑ. අයිය හිටියෙ නැත්තන් ගේට් ඩියුටි බලන්න අනික් ප්‍රිෆෙක්ට්ලා ඉන්න හින්දා මම මෙසෙ ඔළුව ගහගත්ත. මං එක්කො ඉස්කෝලෙන් පයින්නද? අයිය පරක්කු වෙලා හරි ආවොත්?... අප්පච්චි ගහලද දන්නෙ නෑ. අනේ දෙයියනෙ අයියෙ එන්න මට බයයි...

විනාඩි ගතවුනා, විනාඩි පැය උනා... තව ඉස්කෝලෙ ඉන්න බෑමයි කියල හිතෙනකොට මං මට එහාපැත්තෙ ෆිසික්ස් මිස්ගෙ බණ අහන් ඉන්න බැරුව නිදි කිරන කෙවින් දිහා බලල ඌට ඇඟිල්ලෙන් ඇන්නා...

"ප#යො!"

"මොකද ප#යො"

"අයියව බලමුද? මැරුවත් එනව කිව්වනෙ බන්.."

"හා එහෙනම් යමන්"

එකපාරටම කෙවින් බඩත් අල්ලන් පුටුවෙන් පිටිපස්සට වැටුනෙ ඇත්තටම මමත් බයවෙද්දි. මූ වැටුන වැටිල්ලට මං හිතුවෙ ඔළුවක්වත් පැලිලා ඇති කියලා උනත් නෑ.. අම්මෝ... වැටුන එකාගෙ මූණ මට විතරක් පේද්දි ඌ කෑගහන ගමන් මට ඇහැක් ගැහුවෙ ඒකාගෙ රංගන හැකියාව නියමෙටම ප්‍රදර්ශනය කරන ගමන්...

White lotusWhere stories live. Discover now