හත්වෙනි පරිච්ඡේදය

343 39 9
                                    

පහේ එලාම් එක වදිනකොට උදේම ඇහැරුන මම ඇඳේ ඉඳන්ම ෆෝන් එක පොඩ්ඩක් අතට ගත්තා. සීතලයි.. වෙනදට ෆෝන් එක තියනවද නැද්ද නොබලපු මම අද උදෙන්ම ෆෝන් එක අතට ගත්තා.ඔන්න ඔහෙ නිකන් තියන එකනෙ.. වට්සැප් එක පැත්තට ගියාම මං තිබ්බ ස්ටේටස් වලින් තෝරලා තෝරලා එයාගෙ ස්ටේටස් එක බැලුවා... විනාඩි දහයකට කලින් දාල තියෙන්නෙ.

කෝළ සිත දඟකම් කළා..
නිදිනැති රෑ පුරා...🥰❤

ස්ටේටස් එක දිහා ටිකක් වෙලා බලන් ඉඳපු මම ඒක ඉස්සුවා.. උස්සල ඉඳල හිටලම ස්ටේටස් එකක් දාන මම ඒක දැම්මා..

ළං වෙන්න මල් සුවඳක් වෙලා..
ජීවිතේ සනසනා..
රැකගන්න මං ඉන්නේ බලා..
පෙම් හීනේ දකිමිනා...🤍

දැම්ම විතරයි ඒක මුළිම්ම බැලුවෙ දේශ්.. මට නිකන් සර්වාංගෙන් හාට් විසිවෙනව වගෙ හැඟීමක් දැනුන. ඒත් එක්කම මගෙ චැට් එක මැසේජ් වලින් පිරෙන්න ගත්තා..

Lan wennthe👉👈

Good morning sudu ayiye..

Mgy cudu lotus mala ngittd👉👈❤

උදේ නැගිට්ට ගමන් මට හිනා ගියා. නෑ ඒක සමච්චල් හිනාවක් නෙමෙයි. කොහෙත්ම නෑ. මෙච්චර කල් වදේ,නසරාණියා විදියට දැකපු එයාම මගෙ හිත නිවන හැටි මං බලන් හිටියා.. මට හිනාගියෙ ඒකයි.

සමහරවිට අපි හිතන්නෙවත් නැති මිනිස්සු අපෙ හිත් සනීප කරනව. ඒත් දේශ්? ඇයි දේශ්... හේතුව දැනගන උනත් නොදැනුනා වගේ ඉන්න කියල මගෙ හිත කියද්දි මං තව ටිකක් කල් අහිංසකයා වගේ ඉන්න තීරණේ කළා.. මූණෙ තිබ්බ හිනාව එයා මතක් වෙන්න මතක් වෙන්න වැඩිවෙද්දි මං ඉක්මනට ලෑස්ති වෙන්න ගියා වගේම හය වෙද්දි මට ගෙයින් එළියට බැහැගන්න පුළුවන් උනා.. හැබැයි මං ආපහු ගෙට දිව්වා...

"අක්කේ...."

මං අක්කගෙ කාමරේ දොරට ගහද්දි ඒ දොර ඇරුන..

White lotusWhere stories live. Discover now