දාහතරවෙනි පරිච්ඡේදය

323 30 10
                                    

Sneha pov..

එහාපැත්තෙන් එලාම් එකක් වදිනකොට මං ඇස් ඇරියා. වෙලාව කීයද?..

ඉතින් මං ඊයෙ හැමදාටම එකට ඉන්න මගෙ චූටි කොල්ලගෙන් අවසර ඉල්ලුවා. ජීවිතේ වැටිල තියන වෙලාවක ටිකෙන් ටික මාව ඒ වළෙන් ගොඩ ගත්ත පුංචි සුරදූතයා මං මගෙ නමට ලියාගත්තා..

හිත කලබලයි.. එයා අද ප්ලේ කරනව කියල හිතද්දි හිත කලබලයි.. හැබැයි එයා දක්ශයි..

"චූටි මහත්තයා..."

"චූටී..."

මං එයාව හිමින් හොළවල ඇහැරවගත්තා. ඇස් දෙකත් පොඩි කරන් නැගිට්ට එයා මාව දැකල හිනා උනා.. හිනා වෙලා මගෙ පපුවෙ මූණ ඇතිල්ලුවා.. ශර්ට් එකක් නැතුව නිදන් ඉඳපු මාව එයාගෙ නහය වැදිල සීතල වෙද්දි මං එයාව අත් දෙකෙම්ම තුරුල් කරල ඇඟට තද කරගත්තා.

"නැගිටින්න බබා.."

"සුදු අයියෙ.."

"ම්ම්.."

"මේක හීනයක් නම් මාව ඇහැරවන්න එපා"

පව්.. ශෙනෝල් හැමදේම කියද්දි මට තවත් නම් ලොකුකම තියාගන්න බැරි උනා.. ලැබුනොත් ළඟ ඉඳන් බලාගන්නත් නොලැබුනොත් දුර ඉඳන් බලාගන්නත්... එයා කොහොමද එච්චර බර දේවල් හිතන්නෙවත්..

"ම්ම්.."

"අයියෝ දැන්වත් බස්සා වගේ ම්ම් ම්ම් කියන්න එපා අනේ. මහ පිස්සු පකෙක්

"ඒ ඒ... කුණුහර්ප කියන් එන්න එපා"

"බෑ මං කියනවා"

"ඔය නම් මගෙන් ගුටිකන්න තමා.."

"ආ ගහන්න පුළුවන්ද දන්නෑ."

"ගහන්නම්... හැබැයි දැන්ම නෙමෙයි"

මගෙ මූණ රතුවෙන්න ඇති. මං කටෙන් පනින්න ගිය හිනාව තදකරගත්තා. ටික වෙලා මං දිහා බලන් ඉඳපු දේශ්ට මං කිව්ව එක ඕනවාටත් වඩා තේරෙද්දි ඒකා කෑගැහුවා..

"යා....වනචරයා.. හරි වනචරයි අයියෙ ඔයා AAAA පුදුම වනචරයි අපි ඩිවෝස් වෙමු. මේක ඉවරයි වනචර සුදු අයියා"

කියවන් කියවන් ගියපු දේශ් මගෙ ඇඟ උඩට ඇවිත් වනචරයා කියල අත් වලින් ගහලා ගහලා පාත් වෙලා මගෙ කම්මුලක් දත් අස්සෙ හිර කරගත්තා..

White lotusWhere stories live. Discover now