ඊයෙ පාන්දර නිදාගත්ත පාර ඇහැරුනේ ඇඟට ඉර එළිය තදටම මගෙ පිට පුච්චද්දි වෙනකොට මං ඇස් ඇරියා.. පුරුද්දට ඇඳේ ඉඳලම වෙලාව බලන මම කාමරේ වටේම ඇස් ගෙනිහින් අන්තිමට ඔරලෝසුවක් හොයාගන්න බැරි තැන ඔහේ හිටියා.. පපුවට දැනෙන බරත් එක්ක මං තේරුම් ගත්ත ඊයේ රෑ නිදාගත්ත විදියෙන් කොහෙත්ම අයිය දඟලලාවත් නෑ කියල. හරියටම කිව්වොත් මගෙ සුදු මහත්තයට මළා වගේ නින්ද ගිහින්. මේ මනුස්සයට මං හරි ආදරෙයි.. වෙලාවකට හිතෙනව පස්සෙන් ගිහින් ගිහින් මං අයිති කරගත්තෙ ලෝකෙ තියන වටිනම දෙ.. මගෙ බෙල්ල පාමුළට එයාගෙ හුස්ම වදිද්දි කිතියි.. හැබැයි මං එහෙම්ම හිටියා. ඊයෙ රෑ හොඳටම විකාර කියෝලා නටලා දැන් නිදි.. අක්කත් දැනගත්ත දැන් එයාම උත්තර දෙන්නැතෑ මොනාහරි ඇහුවොත්..
මං ඔළුව පොඩ්ඩක් පාතට කරල සුදු අයියගෙ නළලෙන් හාද්දක් තිබ්බා. කටත් චූට්ටක් ඇරිලද මන්දා. පොඩි දරුවෙක් වගේ. මට හිතෙනව වෙලාවකට එයා මගෙන් හොයන්නෙ අම්මගෙයි අප්පච්චිගෙයි ආදරේ කියලා.. මං එහෙම්ම ඇස් වහන් තව චුට්ටක් හිටියෙ එයාව ඇහැරවන්න තියන ලෝබකමට.. ඇරිල තිබුන කටත් මම හිමීට වහල දාද්දි කිරි උරවනව වගේ තලු මරන්න ගත්ත අයියව දැකලා මං ලෝබකමෙ මැරෙන්න ගියා.
මං දන්නෑ සුදු අයිය වගේ කවියෙක් නෙමේ මම. මම ගණන් විද්‍යාව ස්පෝර්ට්ස් එක්ක ඉන්න එක්කෙනෙක්.. එයා එහෙම නෑ එයාගෙ ඇඟේම දක්ශකම තියනව. ඕනම දේකට!
හැබැයි ලැබුන අප්පච්චි තමයි..... මං කල්පනා කරේ අප්පච්චිලාගෙ වෙනස. අපෙ ඩැඩාට තිබුන මාව කොමර්ස් වලට පුශ් කරන්න. හැබැයි එයා එහෙම කරේ නෑ. චූටි පුතා කැමති මොකා වෙන්නද ඒකට ගැළපෙන්න ඉගනගත්ත..
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...