විසි එක්වෙනි පරිච්ඡේදය

276 31 6
                                    

"ඈ බන් විශ්මිකයා.."

"ම්ම්ම්.."

"මල්ශාන් අපෙ පොඩි එකාට සද්දයක් දාලලු"

"?"

මං කව්ද කියල අහන්න මූණ හදන් ශෙනෝල් දිහාට හැරුන. කව්ද පොඩි එකා කියන්නෙ? දේශ්ද නැත්තන් කෙවින්ද?

"ඇයි කිව්වෙ නැද්ද දේශ්ට මල්ශාන් උදේ හෙන ටෝක් එකක් දාලා. මටත් කෙවින් මල්ලි කිව්වෙ"

මට කිව්වෙ නෑනෙ. එහෙනං ඒක තමා නැවතිල ඉන්න ඇත්තෙ. කල්පනා කරන ගමන්ම මම තඩිඅකුරෙන් මාතෘකාව ලියල තදට ඉරක් ගැහුවා. මං අහනව මේ ගැන නම්. ඒ මදිවට පල්ලෙහා තට්ටුවෙ දේශ්ලගෙ පන්තිය හරියෙන් මාරම සද්දයි. තව ටිකක් වෙලා බලල ගිහින් මිස්ට තරහ ගිහින් මාව යැව්වම තමයි

🍃

Desh pov

"ආහ් පායනා~...පුන්සඳ පැරදෙනා~ ඔය සුදු රුව කොහෙන්ද සුකූමාලී~ හැඩවෙලා දුටු මන පොළඹනා~ කොළඹින් ආවද මේ රූ රාජිනී....

ඉස්සරහ පේලි ටික සද්ද නැතුව යද්දි සද්දෙ අඩූවීගෙන අඩුවීගෙන ගිහින් අන්තිමේ මේසෙ උඩ ඉඳන් ඉඳපු මමයි කෙවිනායි විතරක් අන්තිම වචනෙ සද්දෙටම කිව්වා. පුටුවක් අනික් පැත්ත හරවලා කකුල් දෙක දෙපැත්තට දාන් හිටගෙන චටපට ගාලා මේසෙට පරණ ක්‍රීම් සෝඩා බෝතලේකින් ගහන ගමන් ඉඳපු මමයි මේසෙ උඩ ඉඳගෙන අඩි රූලෙන් මේසෙට තල තල ඉඳපු කෙවින්ගෙයි සද්දෙත් නැවතුනේ අපිට පිටිපස්සෙන් ඇහිච්ච අති භයංකර අපෙ පිනාගෙ සද්දෙට

"නවත්තපියව් ඔය බජව්ව"

"අනේ බුදු සර්"

"උඹල දෙන්නද එදා පොන්ඩ් එක ගාව ඉඳන් දිව්වෙ?"

"ශූ.......ආපෝ පිස්සුද සර් අපි ඔය පැත්තෙ යන්නෙවත් නෑ."

මං හොඳට රඟපාලා කට හද හද කියද්දි ප්‍රින්සිපල් මං දිහා ඇස් හීනි කරන් බලන් ඉඳල ඔළුව වැනුවා.

"මිස් නැත්තන් උගන්නන ක්ලාස් එකකට ගිහින් ඉඳගෙන ඉන්නවලා."

සර් යන්න යද්දි මමයි කෙවිනුයි නැගිට්ටා. ක්ලාස් එකේ කෙල්ලො ටිකත් කටවල් ඇරන් බලන් ඉන්නව අනේ මන්දා මුන් නම් මහ දෝදු මගුල්.

White lotusWhere stories live. Discover now