පුරුදු විදියටම ජනේලෙ අයිනෙ ඉඳන් ඉඳපු මං කල්පනාවට වැටුන.. දවස් ගානක් ගෙවිලා ගිහින්. දේශ්ට කරදර කරන්න හදපු මල්ශාන්ගෙ සස්පෙන්ඩ් කාලෙ ඉවර වෙලා ආයෙම ඉස්කෝලෙ එද්දි ෆුට්බෝල් මැච් එකට ඉතුරු වෙලා තිබ්බෙ තව දවස් දෙකයි.. අද බදාදා, හෙට සිකුරාදා.. අනිද්දා මැච් එක.. අප්පච්චි තව ගෙදර ආවෙවත් නැතිවෙද්දි පුරුදු විදියටම අම්මා අපිව මගෑරියා..අප්පච්චිගෙන් මෙච්චර ගුටිකාපු පළවෙනි දවස එදා වෙද්දි ඇත්තටම මට අප්පච්චිට කෝල් එකක් පවා ගන්න හිතුන්නෑ.. දේශ් අද ඉස්කෝලෙට ඇවිල්ලත් නෑ.. වෙනදට මෙතනට ඇවිත් මේ දැල් වල එල්ලිලා මට වද දෙන දේශ් නැතුව ඇත්තටම මට පාළු හිතුන. මේ මට එයාව හම්බවෙලා එයා ඉස්කෝලෙ නාව පළවෙනි දවස වෙද්දි කවදාවත් නැතුව මට පාඩම අහන් ඉන්න එක පවා එපාම වෙලා ගියා. ශෙනෝලුත් නෑ උදේ ඇවිත් ඩියුටි ඉඳල ෆුට්බෝල් ප්‍රැක්ටිස් ගියා පව් ඌත් මැරෙනවා..
ෆුට්බෝල් මැච් එකේ ඕගනයිසින් තියනව.. ඒ මදිවටගෙවුන සති වල කෝච්ලා ඇවිත් කලින් බාස්කට් බෝල් සෙල්ලම් කරපු උන්ව හොයල බලෙන්ම ප්‍රැක්ටිස් වලට කුදලන් යද්දි මාවත් කරුමෙටම අහු උනා..
පාඩම් වැඩයි, organization වල වැඩයි, බාස්කට් බෝලුයි, ඒ මදිවට ඉස්සරහට එන හැම ඉවෙන්ට් එකකටම අපි මැරෙන්න ඕන කියල මතක් වෙන මතක් වෙන පාරට මගෙ පපුවෙ පැත්තක් රිදෙන්න ගත්තා..
"ස්නේහ"
ස්පෝර්ට්ස් කැප්ටන් නෙතුක.. ඔව් ස්පෝර්ට්ස් කැප්ටන් හම්බුනෙ කොමස් සෙක්ශන් එකේ නෙතුකට වෙද්දි මාව හොයන් ඌ ක්ලාස් එකට් ඇවිත් මිස්ට එක්ස්කියුස් කරල මාව එළියට ගත්ත. ඇත්තටම මට වෙච්ච දෙයක් හිතාගන්න බෑ.. වෙනදට ක්ලාස් එකේ ඉන්න මම අද ඉක්මන්ට එළියට පැනගත්තා. වෙනද වගේ බය හිතෙන පපුව රිදෙන ගති නෑ.. 'දේශ් නැත්තන් මොකුත් කරගන්න බැයිද උඹට ස්නේහ..' මං මගෙ හිත එක්ක රන්ඩු වෙද්දි මම ආයම අනික් අතට මටම තර්ජනේ කරගත්තා..'පිස්සුද ඔලුව කොහෙ හරි වැදුනද..එහෙම එකක් නෙමේ උඹට ස්ට්‍රෙස්'
"ඇයි එකපාරට?"
"අනිද්දට ෆුට්බෝල් මැච් එක හින්දා අපිට ග්‍රව්න්ඩ් එකේ වැඩ බලන්න යන්න වෙනවා.."
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...