Sneha pov
මහන්සී.. ඇත්තටම මාර මහන්සියක් දැනෙද්දි මං ගාතා කියනකල් ගේට්ටුව ගාවත් ඉඳල එන්න ආවා. අපි ඇරෙන්න වෙන මොකෙක්වත් ගේට්ටුව ගාව හිටියෙ නෑ. ඔව් ඉතින්. හෙට ඉඳන් පටන්ගමු කිව්වම මොන මෝඩයාද අද ඉඳලම මේකට කරගහන්නෙ. මං හිතන්නෙ මට වෙනදටත් වඩා මහන්සී. ඇත්තටම වෙනදට වඩා මගෙ ප්‍රෙශර් ලෙවල් එක බර ගානකින් නැග්ගා. කෝකටත් අම්මට කියල ප්‍රෙශර් චෙක් කරගන්න ඕනා. මගෙ අම්ම ඩොක්ට කෙනෙක් වෙද්දි අප්පච්චි ආමි එකේ ලොක්කෙක් උනා. ඉතිං අපෙ ගෙදර නීති තදයි. ඒ වගේම පුහු මාන්නෙත් අපෙ අම්මටත් වඩා අප්පච්චිගෙ තියෙද්දි පවුලෙ එකම පිරිමි ළමයා විදියට මට තිබුනෙ ඒ තරම් සුළුපටු ප්‍රෙශර් එකක් නෙමෙයි. අඩු තරමෙ මං ආශ්‍රේ කරන යාළුවගෙ පවා තත්වෙ සලකලා බලලා තමයි මට යාළුකම් පවත්වන්න දෙන්නෙ. ඊටත් තියන ලොකූම ප්‍රශ්නෙ තමයි මගෙ අප්පච්චි ඒ ළමයින්ගෙ වාසගමේ ඉඳලම අහලා කුළෙන් බාල වාසගමක් තියන කෙනෙක් නං අනිවාරෙන්ම උපරිමේටම ලැජ්ජා කරනව. එයාගෙ කෑම්ප් එකත් ඇත්තටම මහ එපාකරපු එකක් උනා. වාසගම් බල බල එයා හරියට මිනිස්සුන්ට දුශ්ටකම් කරනවා. මං මේ කටට එන දේවල් කියනවා නෙමෙයි. මේ මං ඇත්තටම අත්දැකපු, අහපු දේවල්.
පවුලෙ එකම පිරිමි ළමයා මං උනාට අපෙ පව්ලට හරීයට ගෑනුළමයි නම් ඉන්නවා. ඉතින් අපේ ගෙදරත් ඔය කියන ගෑනුළමයෙක් ඉන්නවා. එයා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල්. මං හිතන්නෙ අපෙ ගෙදරින් ලස්සනම කෙනා එයා. මගෙ අක්කා.
යශස්වි අනුසරා වික්‍රමනායක
අක්කා නම් දැන් ඉස්කෝලෙ ඉවර කරලා එයාගෙ නිදහසේ ඩොක්ටර් කෙනෙක් වෙන්න ඉගනගන්නවා උනත් මං හිතන්නෙ මාත් නොදැනුවත්වම වෙන මොකක් හරි අක්කට තව ප්‍රශ්න කීපයක්ම තියනවා. ඒ වගේම එයා හරි නිශ්ශබ්දයි. මං උනත් අක්කා එක්ක රණ්ඩුවකට මිසක් කතා කරන්නෙ නෑ වැඩිය. හැබැයි අක්කා නම් හැමවෙලේම මං පාඩම් කරද්දි කෑම එකේ ඉඳලම බලනවා.
YOU ARE READING
White lotus
Fanfic"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්‍රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...