තිස් එක්වෙනි පරිච්ඡේදය

261 29 9
                                    

"This boyy is just oh my myy සඳක් වෙලා මනරම් පහන් කලා ඇලෙන් දොලෙන් සිසිල අරාන්....."

"වහපියව් කටවල්..."

"සත්තු වගේ හැසිරෙන්නෙ. අනිත් ක්ලාස් වල උගන්නන්නෙ නැද්ද.. ගිහින් අඬගහන් එනව ක්ලාස් එකේ උගන්නන්න ඉන්න මිස්ව.."

පල්ලෙහ ඉඳල අපිට උඩට නගින්න උනේ දේශ්ලගෙ පන්තියෙන් එක දිහට ඇහෙන සිංදු හින්ද. කටවල් නෙමේ වක්කඩවල්.. ශෙනෝල් කටවල් වහගන්න කියද්දි මම හිටපු ළමයෙක් මිස්ව එක්කන් එන්න යැව්වා.

පන්තිය පුරාවටම ඇස් ගෙනියපු මම දැක්කෙ එක ගොඩ එක ඉඳන් ශේප් එකේ ඉන්න තැනින් ලිස්සල යන්න දඟලන කොල්ලො රොත්තක්... මේ ඉන්නෙ මට ඕන කරපු එක්කෙනා.. මං හිතන්නෙ ලාවට මගෙ කට කොනට හිනාවක් මතු උනා..

කොල්ලො අස්සෙන් හිමීට රිංගල පස්සට යන්න දඟලන මගෙ නසරාණි පැටියව මගෙ ඇස් අල්ලගද්දි මං එයාට කතා කරා..

"දේශ්..."

ස්ලෝව් මෝශන් එකෙන් ප්ලේ කරන ෆිල්ම් එකක හැරෙන ප්‍රධාන නිළිය වගේ එයා මං පැත්තට හැරුන..

"අහ්..හීහී හායි"

යන්න ආව හිනාවත් තදකරගත්ත මම එයාට හොඳම එකෙන් රැව්වා වගේම එයා එයාගෙ හා දත් දෙකට ඇඟිල්ලෙන් තට්ටු දාන්න ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

යන්න ආව හිනාවත් තදකරගත්ත මම එයාට හොඳම එකෙන් රැව්වා වගේම එයා එයාගෙ හා දත් දෙකට ඇඟිල්ලෙන් තට්ටු දාන්න ගත්තා.. හුරතල්!

"පන්තියෙ පුටු තියෙද්දි කොල්ලොන්ගෙ ඔඩොක්කුවල ඉඳගන්න ඕනෙමද?.."

"හෙඩ් පිපෙට් අයිය හිටිය නං ඉතින් පුටු ඕන වෙන එකක් නෑහ්.."

පන්තියෙ ඉඳපු කොල්ලො සේරම හූස් ගාද්දි කටවල් බෝක්කු වගේ ඇරන් කෙල්ලො ටික අපි දිහා බලන් හිටියා. ලැජ්ජාවෙ බෑ.. ඇයි මම එහෙම එකක් කිව්වෙ කියල හිතෙන්නම මට ලැජ්ජ හිතෙද්දි මං අහක බලන් මගෙ රතු උන මුණ හංගගන්න හැදුව.. කනත් දැවිල්ලයි වගේ..

White lotusWhere stories live. Discover now