Sneha pov..
මුළු ඉස්කෝලෙ වෙලාවෙම මම දේශ් බලන්නවත් ගියෙ නෑ. කාල නැතුව ගෑස් කියල ඔලුව කැක්කුමත් හදන් සික් රූම් එකේ කියල කෙවින් ඇවිත්කිව්වත් මං කැන්ටින් එකට ගිහින් කිරිපැකට් දෙකක් අරන් කෙවින් අතේම යවල ආය පන්තියට ආව.
මං දවසම හිතුවෙ බැනපු එක සාධාරණද අසාධාරණද කියල වෙද්දි මං අන්තිමේ තීරනේ කරා මම බැනපු එක 100%ක් සාධාරණයි කියල. මොකද මල්ශාන් කියන්නෙ පොඩි ළමයෙක් නෙමේ.. ඌ දේශ්ට කරන්න හදපු දේවල් පවා මට අමතක නෑ. එහෙම එකේ එයා මට ඒ දේවල් නොකියා හිටපු එක වැරදී.. ඔය දේශ් හදන්නෙ මෙච්චර කල් අහිංසක විදියට ඉඳපු මගෙ අනිත් සයිඩ් එක එළියට ගන්න තමයි..
"විශ්මික උඹ යමන් කොල්ල ගේට් ඩියුටි ආවෙත් නෑ නේද?"
"ඕන්නෑ.. උඹ කෙවින් එක්ක යමන් මං පස්සෙන් එන්නම්.."
"පිස්සුද ප*යො එහෙම කරන්න පුළුවන්ද කරන මගුලක් එකට මචන් හරි.."
"ම්..."
කෙවින්ටයි ශෙනෝල්ටයි ඉස්සරහින් එයා යද්දි මං ඔක්කෝන්ට පිටිපස්සෙන් හිමින් ඇවිදන් ආවා.. මට වැරැද්දට සමාව ගන්නකන් ආය කතා කරන්න ඕන්නෑ..
මරදානෙ බස් හෝල්ට් එකට ඇවිත් හිටගත්ත අපි හතරදෙනා ගාවට නෙතුකත් ආවෙ ක්‍රිකට් ඇඳුමත් ඇඳන්..
"ඒ හෙඩා..උඹල යනවද බන්.."
"ම්ම්.."
"මොකද මේ කුරුළු ජෝඩුව දෙපැත්තට වෙලා?"
මූටත් ඕන්නැති දෙයක් නෑ..
"ඔය මොන මොන කුරුල්ලත් රහස් කියල දේවල් හන්ගනවනෙ බං..."
"ඒ උඹල මරාගත්තද.."
පලයම් කියන්න බැරිකමට හිනාවෙලා කතා කරපු මං ආය හිනා උනා..
"පිස්සුද මචන් මං නිකන් කිව්වෙ. කොහෙ ගිහින්ද?"
"දැන් බං ප්‍රැක්ටිස් යන්නෙ. ඉස්කෝලෙ ආවෙ නෑ හවස ප්‍රැක්ටිස් වලට ආවෙ. අපි ගියා එහෙනම්.."
එයත් යන්න යද්දි මං තාප්පෙට අඩියක් ගහන් හේත්තු උනේ දේශ් හිමීට මං ගාවට කිට්ටු කරද්දි..
"සුදු අයියෙ..."
"සුදූ..."
"ඇයි"
YOU ARE READING
White lotus
Fanfiction"දෙයියන්ගෙ නාමෙන් මට පාඩුවෙ ඉන්න දීපන් අයියෙ..මේ හැමදේම විහිළුවක් කියල අමතක කරපන්..." "මෙහෙම කරන්න එපා චූටි මැනික.. උඹම පණ දුන්න හදවත කුඩුපට්ටම් කරල දාල යන්න එපා බන්.." ............🍃............ "කැප්ටන් ස්නේහ වික්රමනායක....?" "මට කියපන් දේශ් උඹ ම...