04 වන කොටස

2K 102 73
                                    

" ඕයි කිඹුලි....උඹ සිරාවටම අද ෂැන්ග්‍රිලා එකට යනවද බං......"

" ඔව් ඇයි මොකෝ ඔයාට ජෙලස්ද අහ්....."

" යකෝ අභියෝ.....අපිට නෑනේ බං ඔච්චර පුකේ අමාරුවක් තියෙන යාලුවො......"

" අනේ මේ අයියා තමුසෙ කට පියාගෙන ඉන්නවකො වදේ..."

" නෑ බං මං අහන්නේ යකෝ දහ අට වෙනි උපන්දිනේ ෂැන්ග්‍රිලා එකේ සමරන්න තරම් ඒකිට කොච්චර ලොකු කඩියෙක් ඉන්න ඕනේද අහ්...."

" ඉතිං තමුසෙගෙ සල්ලි නෙවෙයිනෙ ඕයී......"

" දෙයියනේ ඒක තමයි ඕයී මාත් මේ කියන්නෙ....වැඩී නං රෙද්ද අපිට දෙන්න කියහන්කො..... නැද්ද අභියා...ජැක් ඩැනියෙල් එකක් ගහලා අපිත් ආතල් පිට ඉන්නවනෙ හුම්ත......."

ශාරද්‍ය දැන් මේ සූප්පු කරන්නෙ තමුන්ට කොහෙත්ම අදාල වෙච්ච මස් කට්ටක් එහෙම නෙවෙයි.... අර නිකං ඉන්න බැරි කමට අහවල් එකාව අහවල් තැන දා ගත්තා වගේ වැඩක් තමයි ශාරද්‍යටත් දැන් මේ සිද්ද වෙලා තියෙන්නේ.....

" මේ ශකියා... උම්බර් මගේ කොම්ලට එහෙම අතක් තියන්නෙ නෑ හරි ....මයෙ පණ ඩිංග....ඈ අභී මැණික...මේ කිඹුලි ඔයාට අතවරයක් කරන්න ආවොතින් එහෙම මට කියන්න ඕනෙ තේරුනාද....මං ගහනවා ඕකිට වැලි...."

දැන් විනාඩි විස්සක් තිස්සෙ ඉදගෙන අයියගෙයි නංගිගෙයි දුරකතන සංවාදයට කන් දීගෙන හිටපු ශාරද්‍ය හිටියෙ ඒ ෆෝන් එක අස්සෙන් අත දාලා විදූට ගහන්න පුලුවන් වුනා නම් දැන් ඒකත් කරන්න පුලුවන් වෙච්ච ස්යිස් එකට.... මොකද එච්චරට කොල්ලට දැන් මේ කෙරුවාව තිත්ත වෙලයි තිබුනේ.....

" ඇයි තමුසෙ අභී අයියගෙ හොර මිනිහද අහ් ......"

" හොර මිනිහා.... වට් නොන්සන්ස් අනේ....මං තමයි උගෙ ඔෆීසියල් මිනිහා.....කියපං මයෙ අම්මා....අපි දෙන්නා වට හතක් යන්න පොරොන්දු දුන්නා නේද අහ්.....සදහටම ඔබ මගේ කියලා මං උයාට ලව් උයා මට ලව් නේද වස්තුවේ...කියපං මේ පරදේසක්කාර හැතිරිට අපි අපේ වෙලා ඉවරයි කියලා....කොහෙවත් ඉදලා ආපු නාග කන්‍යාවියොන්ට මගේ කොල්ලට බැල්මට් එක දාන්න මං ඉඩක් තියන්නේ නෑ යකෝව්....මයෙ අර කට හැකර බඩ තඩි අප්පච්චි පල්ලයි ශකී මං තොට සීනි ගම ගිහිල්ලා පොල් ගහනවා හරි....ආයෙ ඉතින් චූටි තාත්තිත් මට එකෙන්ම සපෝට්....මං දන්නැද්ද..... එයා මගේ ඕන කුණ්ඩවාලෙකට ඉන්නවයි කියලා කියන්න මට ඉර හද වගේ හොඳට විශ්වාසයි...."

|| කැමීලියා ||Where stories live. Discover now