" ඔහ් වාව්.....! කවුද බලන්නකො මේ ඇවිල්ලා ඉන්නෙ අහ් ......"
පන්ති කාමරය මැද හිටපු එක පිරිමි ළමයෙක් එහෙම කිව්වත් හරි දිහස් කෙරුවෙ තමුන් කර කර හිටපු වැඩේ එක විනාඩියකට නවත්තලා ඒ දිහාවට තමුන්ගේ අවදානය යොමු කරපු එක.....
" අපේ ස්කූල් ක්රිකට් ටීම් එකේ කැප්ටන්.... ඌප්ස් මට අමතක වුනානේ.....උඹව පැන්නුවා කියලා අපිට ආරංචි වුනා මචං...කතාව ඇත්තද අහ් ....."
ඒ පිරිමි ලමයා කියපු කතාවට තමුන්ගේ පන්ති කාමරය ඇතුලෙම එකට ඉගෙන ගත්තු තවත් පිරිමි ලමයි දෙතුන් දෙනෙක් හිනා වෙන්න පටං ගන්නකොට වෙච්ච සිද්දිය දිහා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටපු විදූ.....එහෙමත් නැත්තං දොලහා වාණිජ දෙක පන්තියෙ වයිස් ක්ලාස් ප්රසිඩන්ට් තමුන්ගේ පුටුවෙන් නැගිට ගත්තෙ මුලු පන්ති කාමරය පුරාවටම සීතල බැල්මක් දෙන ගමන්.....
" මොකක්ද දැන් ඒ කෙරුවෙ අහ්....පිට එකෙක් ඇවිල්ලා තමුන්ගෙම ක්ලාස් එකේ එකෙක්ට සද්දෙ දානකොට ඌව ඩිෆෙන්ඩ් කරන්න හදනවා නෙවෙයි ඌත් එක්කම එකතු වෙලා අරූව තව තවත් පාගන්න හදනවා...ඔයිට වඩා හොද නැද්ද යකෝ උඩ බලාගෙන කෙල ගහගන්න එක.........."
ඉතිං එතනින් එහාට ඒ මුලු පන්ති කාමරයම නිශ්ශබ්ද වෙලා යනකොට විදූ ඊළග වතාවෙදි තමුන්ගේ ඇස් දෙක හරව ගත්තෙ පැත්තක හිටපු සදෙව්ගෙ දිහාවට....
" සදෙව්....මේක අපේ ක්ලාස් එක.....ප්රශ්න ඇති නොකර මෙතනින් පලයං.....මං මේ හොදින් කියන්නෙ....."
" ඇයි නොගියොතිං එහෙම උඹ මොනවා කරන්නද අහ්....."
" කනෙන් ඇදගෙන ගිහිං එලියට දානවා....! ඇයි බෑ කියලද හිතන්නෙ....."
එන්න එන්නම විදූගේ කටහඬේ ස්වරූපය වෙනස් වෙනකොට දිහස්ව අත ඇරපු අකිල් ඊළග පාර කිට්ටු වුනේ විදූ ගෙ දිහාවට.... ඒ වගේම තමයි ශාරද්ය පවා දිහස්ගෙ හැම ඉරියව්වක් දිහාම බලාගෙන හිටියේ බොහොම සන්සුන් වෙච්ච හැගීමකින්....
" ශදිල්....රණ්ඩු කරන්න එපා බං......"
" බලපංකො බං මූ දෙන ටෝක්ස්........."
" බොරුවට නටන්නැතුව හිටපං ශදිල් ....මං ආවේ මගේ සහෝදරයව බලලා යන්න....."
DU LIEST GERADE
|| කැමීලියා ||
Sachbücher" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."