08 වන කොටස

1.8K 103 59
                                    

" දිහස් slow down......උඹට බයික් එක කන්ට්‍රෝල් නෑ යකෝ......"

කටුකුරුන්ද ධාවන පථය අද තරමක පාලු ස්වභාවයක් අරගෙන තිබුනා... ඉතිං දිහස් තමුන්ගේ විනෝදාංශය විදියට තෝර ගත්තු බයික් රේසින් එහෙමත් නැත්තං මේ මෝටර් රේසින් වලට ලොකු ප්‍රසිද්ධියක් උහුලපු කටු කුරුන්ද ධාවන පථය කියලා කියන්නෙම ධාවන තරඟ වලට වගේම නිදහසේ තමුන්ගේ විනෝදාංශයක් විදියට යකඩ යක්කු හීලෑ කරපු යකැදුරන්ට වෙන් වෙච්ච තවත් එක තෝතැන්නක් කියලා කිව්වොත් හරි......

" ස්පීඩ් එක ස්ලෝ කරපං දිහස්......."

එකම ධාවන පථයක හිටියා වුනත් දිහස් තරමක් කලබලයි....මොකද දැන් වතාවක් දෙවතාවක් නෙවෙයි තුන් හතර වතාවක්ම දිහස්ගෙ අවධානය අදාල රාජකාරියෙන් එලියට විසි වෙලා ගියපු හැටි අකිල් වුනත් හොදට බලාගෙනයි හිටියෙ.....

සත්සර.....කවුද ඒ සත්සර........

තමුන්ගේ බයික් එක දකුණු පැත්තට ඇල කරන ගමන්ම දිහස් ඒ වංගුව ගත්තු හැටියට නං දිහස්ට කලියෙන් එතන අකිල්ගෙ පපුව නතර වෙන්න ආවා.....

පුදුම මුරණ්ඩු කමක් තමයි මේ යකාගෙත් තියෙන්නේ හුත්ත.....

ඉතිං තමුන්ගෙ හොදම යාළුවගෙ හත් මුතු පරම්පරාවටම පින් දෙන ගමන් අකිල් කෙරුවෙ මොන කස්තිරමක් දාලා හරි දිහස්ට කලියෙන් ඉස්සර වෙන්න දගලපු එක ......ඒත් අවාසනාවක මහත කියලා කියන්නෙ අකිල්ගෙ ඒ උත්සාහයත් දැන් අසාර්ථක වෙලා ගියා......


අනේ අයියේ අපි මේ සම්බන්ධෙ නතර කරලා දාමු..........

උඹ මගේ නංගිට ඇත්තටම ආදරේ කෙරුවනං එහෙම නංගිවත් එක්කගෙන නුවරින් පලයං සත්සර...

පොඩි අයියා......අනේ ආරණ්‍යා අක්කා......

මගේ අම්මටයි තාත්තටයි කරදරයක් කරන්න එපා ලොකු හාමු මං අයින් වෙලා යන්නං.....

උඹට නැති වුනාට ඒකීට ලස්සන පවුලක් තියෙනවා සත්සර....

සත්සර උඹ අපේ මූණෙ දැලි ගාන්නද යකෝ හදන්නෙ....

|| කැමීලියා ||Where stories live. Discover now