කවදාවත් තමුන්ගේ හොදම යාළුවා එන්න කියපු පලියට කෙල්ලො ටෝක් කරන්න යන්න එපා...ඒ ඇයි කියලා මං මේ නාඩගම ඉවරයක් වුනාට පස්සේ ඇවිල්ලා කියන්නං.....
ඉතිං ශාරද්‍ය හිටියෙ තමුන්ගේ මුලු හදවතින්ම තමුන්ගේ හොදම යාළුවා වෙනුවෙන් සෙත් ශාන්තියක් පවත්වන ගමන්....විදූට විතරක් නෙවෙයි විදූ ගෙ මුලු හත් මුතු පරම්පරාවම අල්ලලා ශාරද්‍ය අද ධ්‍යානමය පිංකමක් කරන්න තීරණය කරලයි තිබුනේ ......
" අනේ මගේ පාතිමා....මං ඔයාට ලව් නං ඔයා මට ලව් නං මොකටද අනේ ඔය නානලා ගැන වද වෙන්නෙ...."
" සොරි අන්නා....එන්න උන්නායි තිරුමානම් සෙයිටු කොල්ල මුඩියාද..."
" මොන මුඩ්ඩක් ගැනද බං මේකි මේ දොඩවන්නේ...යෙන්න සොල්ල මුඩියාද පාතිමා...නා ලව් යූ ඩා.... තේරුම් ගනිංකො හත්තිලව්වෙ...කාදල්...කාදල්..... අයියෝ මට දැන් නිකං ඩිප්රෙසන් වගේ අභියෝ....."
" වේනා අන්නා....."
" ඒ පාර මේ සුත්ති වේයෙක් ගැන කියවනවා....වේයා ඉල්ලෙ පාතිමා....විදූ....මයි නේම් ඊස් විදූ....."
" අයියෝ...පෝඩා අන්නා..... "
" මේ මේකි මට කුණුහරුපෙන් බනිනවද ඒයි....."
" අනේ මේ හැමිනෙන්නැතුව වරෙංකො බං යන්න....."
" යේක මගේ හදපතුලටම වැදිච්ච කෙල්ල තමා මාත්තියා... මගේ ලව් එකට අකුල් නොහෙලා මේක මට සෙට් කරලා දීහංකො හත්තිලව්වෙ...."
" ඇයි උඹ මේකිව බැදගෙන කොන කපා ගන්නද අහ් ...."
" කොන නෙවෙයි මං මලු පයිප්පෙම හරි කපා ගන්නවා....ඇයි තොට මොකද....අනේ මගේ පාතිමා...ඇය යන්න ගියා මැකියා......."
අගහරුවාදා හවස පහට ඉවර වෙච්ච ඉකෝන් ක්ලාස් එකෙන් එලියට බැහැපු ශාරද්‍ය දැන් පැය එකහමාරක් තිස්සෙ ඉදන් තාමත් නුගේගොඩ හන්දියට වෙලා තමුන්ගේ එහා පැත්තෙන් හිටගෙන හිටපු ඒ සත්‍ය ප්‍රේම බෘංග රාජයගෙ ප්‍රේම වෘතාන්තය නරඹනවා.....
" පාතිමා....ඔයාට මගේ මොනවද මදි වුනේ ඩා.....ඇයි මං සිංහල කොල්ලෙක් වෙච්ච එකද ඔයාට තිබිච්ච අඩුපාඩුව පාතිමා..... ආගම් ජාති භේද බලලද එදා මෙට්ලන්ඩ් අසෝකමාලට ලව් කෙරුවෙ...වත් පොහොසත් කම් බලලද එදා සාලිය මුම්ටාස්ව පන්නගෙන ගියේ...එතකොට රෝමියො.... රෝමියෝට වඩා හැඩට ඉන්න මේ විදූගෙ ඔයාට මොනවද මදි වුනේ පාතිමා...දිග මදි වුනාද අහ්... මේ හදවතේ තිබිච්ච ආදරේ ඔයාට නොපෙනුනෙ ඔයාගේ ඇස් දෙක රෙදි පටියකින් බැදලා තිබිච්ච හින්දද පාතිමා..... දෙයියනේ ආදරේ වේදනාවක් කියලා කිව්වට මේක මෙච්චර රිදෙනවා ඇතී කියලා නං මං ලොවෙත් හිතුවේ නෑ කෙල්ලෙ... මගේ දම්සාරි.... මගේ තුසාරි...අනේ මගේ විජ්ජු ලතා....ඇයි මේ ගහක් ගලක් වගේ හිටපු කොල්ලගෙ සිත රිද්දුවෙ......අහක බලං යන්නෙ ඔහොම ඇයි සීදේවී...මට ඔයා මගෙ පණ වගේ...ඔය ඇස් දෙකට පෙම් කෙරුවෙ මං රත්තරං......දරාගන්න බෑ මගේ වකුගඩ්ඩෙ දැං නිකං හාට් ඇටෑක් එකක් හැදෙන්න වගේ......"
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."