ඈතින් පෙනිච්ච ඒ ක්රීඩා පිටිය පුරාම තමුන්ගේ කණ්ඩායමේ හිටපු සෙසු සාමාජිකයින් තමුන්ගේ පුහුණුවීම් කටුයුතු වල නිරත වෙන ගමනුයි හිටියෙ......
ඒ කොහොම වුනත් දිහස් තාමත් හිටියෙ තමුන්ගේ පාසල් නිල ඇදුමෙන්.....
" දිහස්....."
වෙන කල්පනාවක හිටපු දිහස් තමුන්ගේ පුහුණුකරුගෙ ඒ කටහඬත් එක්කම තමුන්ගේ පියවි සිහියට එන්න පාර හොයාගන්නකොට අරවින්ද කෙරුවෙ තමුන්ගේ දරුවට එහාපැත්තෙන්ම ඇවිත් එතනින් වාඩි වෙච්ච එක......
" සොරි කෝච්....මට අද ප්රැක්ටිස් කරන්න තරම් මගේ ඔලුව නිදහස් නෑ....."
" ම්ම්.....ඒකට කමක් නෑ...මං මේ ආවෙත් ඒ ගැන කතා කරගන්නම තමයි....."
" ඒ කිව්වෙ...."
" උඹට සෙල්ලං කරන්න බැරි නං කමක් නෑ පුතේ.....අපි ආයෙම ඔය ඔලුව හදාගෙන ක්රිකට් වලට එමු...."
" සීයා තාත්තා...."
" මං අප්පච්චි ගැන බලා ගන්නං...."
දිහස් තමුන්ගේ මාමා දිහා බලාගෙනම බොහොම අහිංසක විදියට හිනා වුනා...
" Thanks මාව මේ වතාවෙදි හරි තේරුම් ගත්තට....."
" උඹ කියපු කතාව සහතික ඇත්ත බං ....."
දිහස් තමුන්ගේ මාමා දිහා බලාගෙන හිටියේ ප්රශ්නාර්ථ බැල්මකින්....
" මොකක්ද....."
" උඹ රූකඩයක් නෙවෙයි.....අපි පුංචි කාලේ ඉඳලම උඹට කරලා තියෙන්නේ සෑහෙන්න ලොකු අසාධාරණයක්....මට දැන් තමයි පුතේ ඒ ගැන තේරෙන්නේ ....."
" අමතක කරලා දාන්න මාමේ....."
" මේ පාර ටීම් එකෙන් මං උඹෙ නම කපලා දාන්නං...."
" මට තව දවස් දෙක තුනක් දෙන්නකො ....."
" ම්ම්...."
" හැබැයි මට මේ පාර කැප්ටන්සි එකක් නං හැන්ඩ්ල් කරගන්න අමාරුයි මාමේ....ඒක ධනංජයටම දීලා දාන්න....."
" මැචර්ස් පටං ගන්න තව කල් තියෙනවනෙ බං....අපි හෙමීට මේ ප්රශ්න ටික බේරුමක් කරගෙන ෆයිනල් ඩිසිශන් එහෙකට එමු..."
" ම්ම්...."
" මං එහෙනං ග්රවුන්ඩ් එකට යනවා...උඹ දැන්ම ගෙදර යන්නෙ නෑනේ....."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."