සුපුරුදු පරිදි පාසලේ වැඩ කටයුතුත් එක්කම ගෙවිලා ගියපු තරමක කාර්යබහුල සතියක්....මේ වෙනකොටත් තමුන්ගේ පෙර පුහුණුවීම් අවදිය කෙමෙන් කෙමෙන් අවසන් වීගෙන යන ගමනුයි තිබුනෙ.......
" ශාරද්ය අද ස්කූල් එකට ඇවිල්ලා තියෙන්නේ හරි සිහියෙන් නෙවෙයි වගේ ..."
පිට්ටනිය දිහා බලාගෙන ඔහේ කල්පනා කර කර හිටපු ශාරද්ය තමුන්ගේ සීතල බැල්ම ඒ සැනින්ම තමුන්ගේ ඉදිරියෙන් හිටගෙන හිටපු ඒ පුද්ගලයගෙ දිහාවට අරගෙන ගියා......
" දැන් මොකක්ද කියන්නෙ......"
" එන්ට්රන්ස් එක විතරක් සයින් කරාට මදී..... ආපු ටයිම් එකත් මෙතන ලියවෙන්න ඕනේ......"
දිහස් ඒ කියනකොට තමයි ශාරද්යට වුනත් තමුන්ගෙන් සිද්ද වෙලා තිබිච්ච ඒ අඩුපාඩුව සම්බන්ධයෙන් පැහැදිලිව තේරුම් යන්න පටං ගත්තෙ.... ඉතිං වැඩි කලබලයක් නොකරම ශාරද්ය ඒ දිහා බලාගෙන හිටියේ ලොකු ඉවසීමකින්....
" මං දැං මේකට මොකක්ද කරන්න ඕනේ ශාරද්ය... මං මේක මේ විදියටම ගිහිං රෙක්ටට බාර දෙන්නද...එහෙම නැත්තං උඹ දැන් වෙලාව හරි මෙතනින් මෙන්ශන් කරනවද අහ් ....."
කොච්චර කොහොම ලෙන්ගතු කමක් තමුන්ගේ හිත අස්සෙ පීදුනා වුනත් ශාරද්යට දිරවන්නෙම නැති දෙයක් තමයි දිහස්ට තිබිච්ච මේ පණ්ඩිත කම....වැඩකට නැති දේවල් වලට තමුන්ගෙ ඇගේ ලේ කෝප කරගන්නෙ නෑ කියලා ශාරද්ය තමුන්ටම පොරොන්දු දී ගත්තට මොකද දිහස්ගෙ මේ නිමක් නැති මුරණ්ඩු කම් ගාවදි ඒ කේන්තිය පිටාර ගැලුවෙ ඉඹේටමයි.......
" මට ටයිම් එක ලියන්න අමතක වෙන්න ඇති....කෝ දෙන්න මං ටයිම් එක ලියලා ඕක හෑන්ඩ් ඕවර් කරන්නං....."
දිහස්ව මරාගෙන කන්න තරම් ලොකු කේන්තියකින් ශාරද්යගෙ හිත ඒ වෙලාවෙදි පිරිලා ගිහිං තිබුනට මොකද සෑහෙන්න ලොකු ඉවසීමකින් ශාරද්ය ඒ තත්වය පාලනය කරගන්න උත්සාහ කෙරුවා ... හැබැයි දිහස්ට නං එතන සාම ගිවිසුම් ගහන්න කිසිම උවමනාවක් තිබුනෙ නැති පාටයි......
" නීතිය කාටත් පොදුයි ශාරද්ය....උඹට කියලා මොකෝ මට ආයේ මෙතන අමුතුවෙන් ෆේවරේෂන්ස් දෙන්න බෑනේ ....."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."