" මොනවා වුනත් අර දරුවා හරි පව් නේද...."
" ඒකනෙ කියන්නෙ... කොල්ලගෙ තාත්තත් මේ දුවව දාලා ගිහිල්ලා තියෙන්නේ ඔය ලමයා බඩට ආවයින් පස්සෙලුනෙ...."
" කොල්ලා අවාසනාවන්තයි...ඒකයි ඔය....."
" නැත්තං ඉතිං.....දරුවා ලැබෙන්න කලින් අහිංසා දුව කොච්චර ලස්සනට ජීවත් වුනාද නේ...."
" අනේ මේ....කොහෙවත් තිබිච්ච ලෙඩක් කරපු කරුමෙකට අර අහිංසක දරුවව ඈඳ ගන්නැතුව හිටපල්ලා.....ඒ කොල්ලගෙ ඇති අවාසනාවක් නෑ....."
" මේං බලාපල්ලකො මේකිට නගින නැගිල්ල....."
" මේ ගයත්‍රියො...... උඹ ඇවිල්ලා ඉන්නෙ මරණ ගෙදරක වග අමතක කරන්න එපා...."
" අනේ මේ යමං බං යන්න..... මුන්ගේ ගෑස් බලන්න අපි මෙහාට ආවෙ නෑනේ......"
" පෙනේද මුන්ගෙ තියෙන සක්කිලි කම.....මල බතටත් අත ගහලා මෙතන මැරිච්ච දරුවට පින් දෙනවා නෙවෙයි....අර යස අගේට ජීවත් වෙලා ඉන්න කොල්ලටත් දෙස් දෙවොල් තිය තිය මෙතන තව ගිනි අවුලවන්න හදනවා......."
මිණියට තනි රකින්න ආපු එකා දෙන්නා එහෙම්මම ඒ වත්තෙන් එලියට බැහැලා යන්න යනකොට මෙච්චර වෙලාම මෙතන සිද්ද වෙච්ච කතා බහා තමුන්ට නෑහිච්ච ගානට එතනට වෙලා හිටපු දිහස් මේ එන්න ආවේ තමුන් වෙනුවෙන් කතා කරපු ඒ මේරි ආච්චි අම්මගෙ දිහාවට.....
" ආච්චා කෑවද....."
" කෑවා පුතේ...."
" ම්ම්....ගෙදර තව කවුරු හරි ඉන්නවනං එන්න කියලා කියන්න....මල බත වත්තෙන් එලියට යවන්න හොද නෑලුනෙ....නැත්තං මං ආච්චාට බත් මුලක් බැඳලා දෙනවා....."
" අනේ ඕනෙ නෑ රත්තරනේ......කෝ ආච්චි අම්මා....."
" ගේ ඇතුලෙ ඇති ....මං කතා කරන්නද....."
" ඕනේ නෑ...තව වැඩ තියෙනවා ඇතිනෙ...."
" ම්ම්....."
" පුතා අර කට හැකර ගෑණි කියපු දේවල් ගැන එච්චර හිතන්න යන්න එපා හොදද....."
" මං ඕවා ගණන් ගන්නෙ නෑනේ ආච්චා....."
" උන්ට බලාගෙන ඉන්න බෑ.....ඒකයි ඔය හූල්ලන්නෙ....මයෙ පුතා දවසක හොද තැනකට යන්න ඕනේ....අහිංසා දුවගෙ එකම ආසාව වුනෙත් ඒකනෙ..."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."