" මොනා නැතත් අද ගමන නං හෙන ආතල් ඈ......"
" ම්ම්.....අපි ආයේම දවසක මෙහාට එමුකො....."
" මේ ඒක නෙවෙයි ආකාශ් අයියෙ....."
" කියන්න විදූ....."
" අනේ මට කෙල්ලෙක්ව සෙට් කරලා දෙනවකො හලෝ...නැද්ද හොද සුද්දියෙක් එහෙම මට සෙට් කරගන්න අහ්....."
" සුද්දියෙක් නේද....."
" ඕ......"
" ම්ම්....සුද්දියෙක් නං ඉන්නවා හැබැයි පොඩි ප්රශ්නයක් තියෙනවා විදූ...."
" ඇයි එයා තුන් කුළුඳුල්ද....."
ඉදලා ඉදලා විදූ ඒ අහපු ප්රශ්නෙ හින්දම ශාරද්යට තව පොඩ්ඩෙන් තමුන් බිබී හිටපු බීම එක පවා පිට උගුරෙ ගිහිල්ලයි නවතින්නේ....ආකාශ්ට නං එතන හොදටම හිනා.....
" දෝදුද බං උඹට....."
" ඉතිං ඇත්තනෙ අනේ...."
" එහෙම දෙයක් ගැන නෙවෙයි විදූ මං කිව්වෙ...."
" එහෙනං එයාගේ පපුවෙ හිලක්ලුද....."
" නෑ එයා බැදලා ඩිවෝස් වෙච්ච කෙනෙක්....."
" එව්වත් ප්රශ්නද අනේ...."
" එයාට පුතෙකුත් ඉන්නවා..."
" අනේ චූටි බබෙක් නං හා අයියෙ...."
" නෑ විදූ එයාගේ පුතා ඇවිල්ලා මේ මගේ වයසෙ...."
" අයියෝ ඉතිං හැමිනෙනවනෙ .....බෑ අයියෙ බෑ...ඒක සෙට් වෙන්නෙ නෑ....."
" ඇයි..."
" මට වඩා වැඩිමල් එකෙක් මට තාත්තා කියලා කතා කරනකොට ඒක හෙන කැතයි ඒයී...අපේ අප්පච්චි මාව ගෙදර හතර මායිමකටවත් වද්ද ගන්න එකක් නැති වෙයි... අපරාදේ අර හික්කඩුවෙ තියෙන හොටෙල් එක මට නැති කරගන්න බෑ ...ඒ හින්දා අපි වෙන එකක් බලමු....."
" ඇයි විදූ ට මෙහෙ ගෑණු ලමයි හරියන්නෙ නැද්ද....."
" ලිස්ට් එකක්ම ඉන්නවා අනේ.....ඒ වුනාට හිත යන්නෙ නෑනේ.......ශානු නං හොඳයි හැබැයි එයා අහිංසක වැඩී...අංජලිත් එක්ක පවුල් කන්න බෑ එයාට අයියලා හතර දෙනෙක්ම ඉන්නවා....ඒකිත් එක්ක පවුල් කන්න ගියොතින් එහෙම මගේ බශ්මාවශේශ ටිකවත් හොයාගන්න බැරි වෙයි......."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."