තමුන්ගේ කාමරේ ඇතුලට අඩිය තියපු හැටියෙම රෙහාන් කෙරුවේ ලොකු කලබලේකින් ඒ මුලු කාමරය පුරාම එහාටයි මෙහාටයි ඇවිදින්න පටං ගත්තු එක....
" චූටී......"
මේ දිහා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටපු සහස් වෙන කරන්න දෙයක් තිබුණෙ නැති තැන තමුන්ගේ කටහඬ අවදි කරන්න තීරණය කෙරුවා.....
" චූටි දැන් ඇති බං...."
" මට මගේ දරුවා ගැන බයයි සහස්...."
" උඹ ඕනාවට වඩා ඔය ගැන හිතනවා ..."
" පුතා මුරණ්ඩුයි... එයා.....එයා ඔයා වගේමයි අයියේ....මට බයයි ......"
රෙහාන්ගෙ ඒ වචන ගාවදි සහස්ගෙ හිත වුනත් සෑහෙන්න දුරට කම්පා වුනා .....
" මං ඉන්නකං උඹටවත් දරුවටවත් එක නියපොත්තක තරං දෙයක් සිද්ද වෙන්න මං ඉඩක් තියෙන්නෙ නෑ චූටි....."
" අභිලාශ් මුරණ්ඩුයි අයියේ...."
" ඉතිං ඒ ඉන්නෙ මගේ පුතානේ..... ම්ම්...."
" ඒකම තමයි මට තියෙන ලොකුම බය...."
" මං මගේ කොල්ලව හැදුවෙ හැමදේම ගැන හොදට කියලා දීලා.....උඹ ඒ ගැන නොදන්නවා නෙවෙයිනෙ බං....."
" කොච්චර කොහොම දේවල් ගැන කියලා දීලා හොදට හැදුවා වුනත් අයියේ පුතෙක් තමුන්ගේ අප්පච්චිට අත උස්සපු මනුස්සයෙක්ව එහෙම ලේසියකට අත ඇරලා දාන්නෙ නෑ....මං අද දැක්කා.....අභී ඒ මනුස්සයා දිහා බලාගෙන හිටපු විදිය මං අද දැක්කා අයියේ....ඒ ඉන්නෙ ඔයාමයි....."
" ආයෙම අසනීප වෙන්නද ඔය හදන්නෙ අහ්....."
" මං ඊයෙත් නරක හීනයක් දැක්කා......"
" කෝ ඇවිත් මෙතනින් වාඩි වෙයංකො....."
ඒ කියලා සහස් රෙහාන්ව ඒ කාමරේ තිබිච්ච ඇඳ උඩින් පරිස්සමට වාඩි කෙරෙව්වා....ඒ වගේම තමයි එතන තිබිච්ච වතුර ජෝගුවෙන් පෙරාගත්තු සීතල වතුර වීදුරුවක් රෙහාන්ට බොන්න දෙන්නත් සහස් අමතක කෙරුවේ නෑ.....
" මේක බීලා ඉන්න......"
සහස් තමුන්ගේ දිහාවට දික් කරපු ඒ වතුර වීදුරුව එක උගුරට බීලා දාපු රෙහාන් කෙරුවේ ආයෙම වතාවක් එතන කල්පනා කරන්න පටන් ගත්තු එක....හීනෙන් වගේ සහස් තමුන්ගේ කාමරේ ඒ සී එක වැඩි කරපු බවක් රෙහාන්ට තේරුම් යන්න පටං ගත්තේ එන්න එන්නම ඒ වටපිටාවෙ තිබිච්ච උෂ්නත්වය ටිකෙන් ටික අඩු වෙලා ගියපු හින්දයි.....
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."