පාසල නිම වෙලා ශාරද්‍ය තමුන්ගේ නිවසට අඩිය තියනකොටත් ඉස්සරහා දොර ඇරලා තිබුණු හින්දම ශාරද්‍ය සැනසුම් සුසුමක් පිට කෙරුවා....ඒ කියන්නෙ අද තාත්තා හරි අප්පච්චි හරි වේලාසනින් ගෙදර ඇවිල්ලා.... ඒ ඇවිත් හිටියේ තමුන්ගේ තාත්තා වෙන්න කියලා හිතින් ප්‍රාර්ථනා කරන ගමන්ම ශාරද්‍ය ගෙට ඇතුලු වුනේ තමුන්ගේ පොත් බෑග් එක පවා අසල තිබුණු සෝෆා එක දිහාවට විසික් කරන ගමන්මයි.....
" තාත්තා මං ආවා......"
පුරුද්දට වගේ ශාරද්‍ය අනුමාන කෙරුවෙ ඒ තමුන්ගේ තාත්තා වෙන්න ඇතී කියලා....මොකද අප්පච්චි කවදාවත්ම මේ විදියට වේලාසනින් ගෙදරට ඇවිල්ලා තිබුනේ නෑ...
" තාත්තා ඔයා රූම් එකේද......"
කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නැති තැන ශාරද්‍ය කෙරුවෙ ඔහේ පැත්තක කෑ ගගහා තිබුණු ඒ රූපවාහිනියත් ක්‍රියා විරහිත කරලා දාලා තමුන්ගේ ඔලුව සෝෆා එකේ පිටිපස්සට කරලා හොදට හේත්තු කර ගත්තු එක.... දවල් හරියට කාපු නැති හින්දම ශාරද්‍යගෙ ඔලුවත් දැන් පුපුරන්න තරම් වේදනයි....
" අභී......"
පඩිපෙල බැහැගෙන ආපු තමුන්ගේ තාත්තගෙ කටහඬ ඇහුනා විතරයි ශාරද්‍ය තමුන්ගේ ඇස් දෙක තමුන්ගේ තාත්තගෙ දිහාවට යොමු කෙරුවා...
" තාත්තා රූම් එකේද හිටියෙ....."
" ඔව් පුතා...."
" ඇයි ඉතිං මේ දොරවල් ඇරලා දාලා තියෙන්නෙ....."
" ගේට් එක ලොක් කරලනෙ තියෙන්නේ...."
" ම්ම්.....තාත්තා අද වේලාස්සනින් ගෙදර ආවේ ...."
" මං අද හවස් වෙලා අහිංසා ආන්ටිව බලන්න යන්න කියලා හැදුවෙ ...."
" ඒක හොදයි....."
" මොකෝ මේ මූණ කට මැලවිලා ගිහිං.... මහන්සිද ආහ්....."
රෙහාන් එහෙම ඇහුවේ තමුන්ගේ දරුවට එහාපැත්තෙන්ම ඇවිත් වාඩි වෙන ගමන්.....
" ඔලුව රිදෙනවා තාත්තා....."
" ඇයි ඒ...දවල්ට හරියට කෑවෙ නැද්ද අභී....."
වෙච්ච සිද්දිය ගැන කියන්නත් කලින්ම ඒ ගැන තමුන්ගෙ තාත්තගෙ කටින් පිට වෙච්ච එක ගැන නං ශාරද්‍යට ඒ හැටි ලොකු පුදුමයක් දැනෙන්න තිබුනේ නෑ.... හැබැයි කොල්ලට පුංචි හිනාවක් නං එතන ඉඹේටම වගේ පිට වුනා.....
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."