" මැණිකේ....."
" ම්ම්......"
" දැන් ඉතිං ඇයි මේ...."
" මගේ හිතට හරි නෑ ශාරූ....."
" නිලංක අයියා හින්දද...."
" ම්ම්....."
" උඹ එයාට වැරැද්දක් කෙරුවෙ නෑනේ බං....."
" නැත්තෙ මොකද ශාරූ....මං තමයි එයාට ලොකුම වැරැද්ද කෙරුවෙ......"
හවස හයට නිමා වෙච්ච අමතර පන්තියෙන් එලියට ආපු හැටියෙම වගේ ශාරද්ය දිහස් එක්ක කතා කරන්න ඕනෙයි කියලා තීරණය කෙරුවා....මොකද අද පාසලේදී සිද්ද වෙච්ච ඒ සිදුවීම සම්බන්ධයෙන් ශාරද්ය පවා හොදට දැනුවත් වෙලයි හිටියේ.....
" මේ අහන්නකො නාද්ය..... වැරැද්ද කෙරුවෙ උඹ නෙවෙයි....."
" මං නෙවෙයිනං ඉතිං වෙන කවුද බං...."
" මමයි ආලෝකට අසාධාරණයක් කෙරුවේ....."
" එහෙම නෑ....."
" උඹ මට ආදරේ බව දැන දැනමයි මං උඹට ආලෝකත් එක්ක යන්නයි කියලා කිව්වෙ....උඹ කීකරු වුනේ මගේ වචනෙට....ආලෝක උඹට නැහීගෙන ආදරේ කෙරුවට මං දැනන් හිටියා....උඹට මගෙන් තොර ලෝකයක් තිබුනේ නෑ....මං පිලිගන්නවා....මෙතන ලොකුම අසාධාරණේ සිද්ධ වුනේ ආලෝකට... වෙච්ච කිසිම දේකට උඹ වැරදි නෑ නාද්ය....."
" ශාරූ...."
" ම්ම්......"
" නිලංක අයියා හොදින් ඉන්නවා ඇති නේද බං....."
" ඔව් මැණිකේ...."
" අනේ මන්දා මට මහ අමුත්තක් දැනෙනවා..."
" අමුත්තක් කිව්වෙ...."
" එයා කතා කෙරුවේ හැමදේම අත ඇරලා දාපු ගානට...රට යනවයි කියලා කිව්වට මට ඒත් විශ්වාස කරගන්න අමාරුයි ශාරූ....."
" නිලංක අයියා ඒ විදියෙ මෝඩ තීරණයක් ගනී කියලනං මං හිතන්නෙ නෑ.....එයාට දේවල් ගැන හොද අවබෝදයක් තියෙන මනුස්සයෙක් ....අපි එයාට ටික කාලයක් දීලා බලමු නාද්ය....මොනවා වුනත් ආලෝක හරි පව්....අපි දෙන්නම ඌට නයයි.....ගිය ආත්මෙදි විතරක් නෙවෙයි මං මේ ආත්මෙදිත් ඌට ණයයි....."
" අභියා මේ...."
පිටි පස්සෙන් ආපු විදූ එහෙම්මම ශාරද්යගෙ කර වටේට එක අතකුත් දාගන්න ගමන්ම අනික් අත දිහස්ගෙ කර වටේට ඔතා ගන්නකොට අකිලුත් හෙමින් සීරුවේ දිහස්ගෙ දිහාවට කිට්ටු වුනා.....
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."