" අහ් ඉලන්දාරියා......"
" ලොකු අප්පච්චිලා දැන්ද ආවේ......"
" නෑ පොඩී.....අපි උදේන්ම ආවා....."
කාර්ය බහුල දවසකින් අනතුරුව ශාරද්ය තමුන්ගේ නිවසට අඩිය තියනකොටත් මුලු ආලින්දයම තමුන්ගේ පවුලෙ සාමාජිකයොන්ගෙන් පිරිලා ඉතිරිලා ගිහිල්ලයි තිබුනේ......
" ගුඩ් ඊව්නින්ග් ලේඩීස් ඇන්ඩ් ජෙන්ට්ල්මෙන්...සොරි නෝ ලේඩීස් ඔන්ලි ජෙන්ට්ල්මෙන්..........විදූ ඊස් බැක්......"
කොල්ලව දැක්කත් හරි කට්ටියට එතන හොදටෝම හිනා.....
" මේකාව දැක්කත් ඇති බං....."
" ඒකනේ කියන්නෙ.....කොල්ලා කොතනද එතන ආතල්......."
මල්ලිලා දෙන්නගෙ පාසල් බෑග් දෙකත් අතින් අරගෙනම ඊළග වතාවේදී ඒ ආලින්දය දිහාවට ඇවිදගෙන එන්න ආවේ වෙන කවුරුවත් නෙවෙයි ශාරද්යගෙ සහෝදරයා.....
" මේ බෑග්ස් දෙක කොහෙන්ද තියෙන්න ඕනෙ අභී......"
" අයියෝ අයියා ඇයි ඔයා ඕවා අරගෙන ආවේ......"
" හරි ඉතිං මේවා අරගෙන ආවයි කියලා මගේ මුකුත් ගෙවෙන්නේ නෑනේ ......."
" කෝ දෙන්න......"
ශාරද්ය දෙන්නගෙ පාසල් බෑග් දෙක ඉල්ලගන්න කියලා හිතාගෙන තමුන්ගේ සහෝදරයා දිහාවට කිට්ටු වුනා විතරයි ආකාශ් කෙරුවේ ඒ බෑග්ස් දෙක ශාරද්යගෙ අතට දීලා එහෙම්මම කොල්ලගෙ කොන්ඩෙ අවුස්සලා දාපු එක....
" තාමත් ඉස්සර වගේමයි නේද......"
" ඒ කිව්වෙ..."
" ඩබල හැමදාම කාර් එකෙන් එලියට බහින්නෙ ස්කූල් බෑග්ස් දෙක කාර් එක ඇතුලෙ තියලා....."
" ජම්මෙට වඩා ඉතිං පුරුද්ද ලොකුයි කියලා කියනවනෙ ලොකු අයියේ...මේ ඒක නෙවෙයි ඩැඩා....කෝ අපේ කිඹුලි....නිල්වලා ගඟ පැත්තෙ ටුවර් එකක් වත් ගිහින්ද අහ්......"
" කිඹුලි ඉන්නවා ඇයි මොකෝ......"
ඒත් එක්කම වගේ ගෙදර කුස්සිය දිහාවෙන් ඇහුනෙ ශාක්යාගෙ කටහඬ......
" හැපෝ තමුසෙ ඉන්නවද....."
" ඇයි දැන් තමුසෙට මොකක්ද වෙන්න ඕනේ අහ්...."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."