" හෙලෝ අකිල්....උඹට දැන් ශේප්ද බං....."
හවස හයට ඉවර වෙච්ච පන්තියෙන් එලියට බැහැපු ගමන්ම වගේ විදූ ඒ ඇමතුම ලබා දුන්නෙ අකිල්ට.....
" හෙලෝ...හෙලෝ අකිල්...මුගෙ අම්මට යකෝ මේක නිකං මැනින් මාකට් එක වගේනෙ...අකිල් හිටපං මං උඹට බයික් එක ලගට ගිහිල්ලා කෝල් එකක් දෙන්නං හොදේ....."
ඒ කියලා විදූ තමුන්ගේ දුරකතනයත් සාක්කුව අස්සට ඔබා ගන්න ගමන්ම ශාරද්යගෙ අතින් අල්ලගත්තෙ එතනින් ඉක්මන් කරලා එලියට යා ගන්න ඕනෙයි කියලා හිතාගෙන.....
" හෙමීට පලයං යකෝ උඹට කඩි කුලප්පුවද අහ්...."
" ඉක්මන් කරලා වරෙං මට තව වැඩකට යන්න තියෙනවා...."
" මොන වැඩක්ද..."
" පැහෙන්නැතුව යමංකො....කෝ දිහස්...."
" මං දන්නෑ..."
" උඹ දන්නැත්තං ඒක මංද යකෝ දන්නෙ..."
" මං දැක්කෙ නෑ...."
" අනේ පැංචො.....උඹව හොදයි අර සිරසෙ තියෙන වෙසක් කලාපෙට ගිහින් තියන්න....."
ඉතිං විදූ ගෙ ඒ බල කිරිල්ලටම ශාරද්ය ඒ පඩි පෙලෙන් පහලට බැස්සා නෙවෙයි ඉස්සරහට තල්ලු වෙලා ගිහිං එලියට විසික් වුනා......
" උඹ දිහස්ව බලපං....මං අකිල්ට කෝල් එකක් අරගෙන එන්නං...."
" මට බෑ....."
" අනේ මේ ඕයී......මෙතන හැමිනෙන්න තියා ගන්න එපා හරී......"
" උඹ කෝල් එකක් දීලා බලපං...."
" ඇයි ඒ ඉන්නෙ මගෙ මිනිහද අහ්...."
" නැත්තං ඉතිං මගෙ මිනිහදැයි....."
" තොට හෙන ගහනවා යකෝ මේ දෙන ගින්දරට....."
තමුන්ගේ යාලුවගෙ ක්රියා කලාපයට පින් සිද්ධ වෙන්න දැන් දිහස් ගැන හොයන්න සිද්ධ වෙලා තියෙන්නෙත් අසරණ විදූට....
" හෙලෝ දිහස් උඹ කොහෙද බං ඉන්නෙ...."
...........
" අහ් ඔහොම්මම දකුණු පැත්තට ඇල කරලා කෙලින්ම ඉස්සරහට වරෙං අපි එතන ඉන්නවා....."
ඉතිං ශාරද්යගෙ අතින් සිද්ද කරන්න ඕනේ රාජකාරිය විදූ තමුන්ගේ පාර්ශවයෙන් ඒ විදියට සිද්ද කරනකොට ශාරද්ය කෙරුවෙ තමුන්ගේ බයික් එකට පිට දීගෙනම එතනින් හේත්තු වෙච්ච එක....ඔන්න එතකොටම වගේ දිහසුත් ඒ දිහාවට කිට්ටු වුනා .....
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."