" සුදු මහත්තයා කෝ...දැන්වත් ඔතනින් අයින් වෙන්නකො පුතේ......."
පහලට එන්න බෑ කිය කිය එතන පරසක්වල ගහපු දිහස්ට තමුන්ගේ අම්මව අද නොදැක ඉන්න බැරි වුනා.......වෙනදා වගේ නෙවෙයි....අද අම්මගෙ මුලු මූණම සෑහෙන්න දුරට මැලවිලා ගිහිල්ලයි තිබුනේ...වෙනදට ලා කහ පාටට දිලිසිච්ච ඒ මූණ අද කලු ගැහිලා ගිහිං.... හිනාවෙනකොට වල ගැහිච්ච කම්මුල් අද ඇටකටු වළටම ඇලිලා ගිහිං.....ඒ වුනාට තමුන්ගේ අම්මා අද බොහොම සනීපෙට ගෙයි සාලෙ මැද නිවී හැනහිල්ලේ නිදා ගෙන ඉන්නවා.... දිහස්ගෙ හුස්ම වැටුනෙත් නිකං වැටෙන්න ඕනාවට වගේ .....තමුන්ගේ මුලු ලෝකෙම තමුන්ගෙ අම්මා වෙච්චිකොට තමුන් කොහොම කියලා නං මේ සමු ගැනීම දරා ගන්නද.....පුතෙක් හැටියට දිහස් අද සෑහෙන්න අසරණ වුනා....වෙන කරන්න දෙයක් තිබුණෙ නැති තැන දිහස් තමුන්ගේ අම්මගෙ ඔලුව ලොකු ආදරේකින් අත ගාන ගමන්ම තමුන්ගේ වේදනාව හෙමිහිට වචන වලට පෙරළන්න පටං ගත්තා ......
" මගේ අම්මා මාත් එක්ක තරහා වෙලාද...... ම්ම්.......කේන්තී නං මට බනින්නකො.....ගැහුවත් කමක් නෑ මං අද ඔයාට මුකුත්ම කියන්නෙ නෑ....අනේ ඒ වුනාට මාත් එක්ක මේ විදියට කතා නොකර ඉන්න එපා මගෙ අම්මේ....මට රිදෙනවනේ....එකම එක පාරකට හරි මට සුදු මහත්තයා කියලා කතා කරන්නකො.... ම්ම්.....ආයෙ මං ඔයාට වද දෙන්නෙ නෑ.....අනේ අදට විතරක් හරි මං කියන දේ පොඩ්ඩක් අහන්නකො මගේ අම්මේ....."
" සුදු මහත්තයා...."
" මේ ආච්චි අම්මත් හොදටම අඩනවා....මාත් හොදටම අඩනවා.. අනේ දැන් විහිලු කෙරුවා ඇති අම්මා....ප්ලීස් නැගිටින්නකො....මට ඔයා නැතුව ඉන්න බෑ....මං ඔයා නැතුව ඉන්න දන්නෙ නෑ....අනේ ආයෙම මං ගාවට එන්නකො...මාව මෙහෙම තනි කරලා දාලා යන්න එපා අම්මා ....සීයා තාත්තා මට රිද්දයි...අනේ මං හිතුවා ඔයා හරි මාත් එක්ක ඉදීවි කියලා ...ඇයි මාව දාලා ගියේ....මං මුරණ්ඩු කං කෙරුවෙ නෑනේ මගේ අම්මෙ....ඔයාට මාව දාලා යන්න තරං ලොකු වැරැද්දක් මං මේ පාර කෙරුවෙ නෑනේ ....."
" දැන් ඇති සුදු මහත්තයා..."
" අනේ ආච්චි අම්මා මගෙ අම්මට නැගිටින්න කියලා කියන්නකො.....එයා ඔයා කියන දේ හරි අහයි....."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."