" නින්ද ගිහින්ද......"
" ම්ම්...."
" කොල්ලො ටික දැන් කන්න ගියා...."
"සර් මුකුත් ඇහුවෙ නෑ....."
" නෑ.... දිහස්ගෙ ගැස්ට්රික් ලෙඩේ මුලු ඉස්කෝලෙම දන්න හින්දා එච්චර ලොකු අවුලක් වුනේ නෑ..."
අකිල් එහෙම කිව්වත් හරි ශාරද්යට පුංචි හිනාවක් පිට වුනේ ඉඹේටමයි... හැබැයි විදූ නං එතන හුම් සද්ද නෑ.....
" විදූ......"
විදූ ගෙන් කිසිම ප්රතිචාරයක් තිබුණෙ නැති තැන ශාරද්ය තමුන්ගේ හොදම යාළුවට කතා කෙරුවේ විදූ ගෙන් පුංචිම හරි ප්රතිචාරයක් බලාපොරොත්තුවෙන්....
" ම්ම්......"
" උඹ කෑවද...."
" තාම නෑ....."
විදූ ගේ කට වැඩ කෙරුවේ නැති වුනාට මොකද හිත නං හොදට වැඩ කරන ගමනුයි තිබුනේ....ඒ මොකද කියලා කියනවනං එහෙම මේ වෙනකොටත් දිහස්ගෙ ඔලුව නැවතිලා තිබුනෙ ශාරද්යගෙ උරහිස උඩ.......අඩපු කදුලු පාරවල් පවා තාමත් දිහස්ගෙ කම්මුල් වල හොදට පැහැදිලිව පේන්න තිබුනා...ඒ දිහා බලාගෙන හිටපු විදූ ඉතිං කට කැඩිච්ච කතාවක් නොකියා ඉදීවිද...නෑ කොහෙත්ම නෑ..... ඉතිං ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්රයෝජනය අර ගන්න ඕනෙයි කියලා හිතපු විදූ කෙරුවේ වෙනදා පුරුදු විදියටම තමුන්ගේ බෙලිකටු මල්ල එතන හොලවන්න පටං ගත්තු එක...
" තොපි දෙන්නා ඔහොම ඉන්නවා දකින්නත් ආසයි ඕයී... නැත්තං ඉතිං මෙතන බැලුවොත් ඇත්තං කරන්නෙ බල්ලො වගේ කා කොටා ගන්න එකනෙ..."
" ඇත්ත ඇත්ත..... අම්මෝ උඹට මතකද විදූ එදා බිග් මැච් එක දවසෙ අහ් ...."
" හම්මට එව්වනෙ යකෝ බිග් මැච්.....මෙතන එක්කෙනෙක්ට එදා සෑහෙන්න රිදුනලුනෙ...... හැබැයි අන්තිමට ඌ සිරිමත්......."
" අපි දේව දත්තලා...."
" විනය තමයි අංක එක...."
" යැයි යැයි තමයි....."
" ඒ සිරාවටම උඹ ඇයි බං එදා කෙවින්ට නෙලුවෙ....."
" මං හිතන්නෙ මූ එදා ගහපු පාරට තමයි ඌට අසාධ්ය වෙන්නැත්තෙ...."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."