09 වන කොටස

1.7K 91 41
                                    

සති අන්තය ගෙවිලා ගිහින් එලඹිච්ච සදුදා දවස කියලා කියන්නෙම පාසලේ ශිෂ්‍යනායක මණ්ඩලයට ඉහටත් උඩින් වැඩ රාජකාරි පැවරිච්ච දවසක්.... ඉතිං වෙනදා සුපුරුදු කාලසටහනෙන් පිට පැනපු මේ කාලපරිච්ඡේදය නම් කරලා තිබුනෙ සාහිත්‍ය සතිය විදියට.......

" ඕයී වින්දුල....වැඩක් නැත්තං උඹලයෙ ක්ලාස් එකේ උන්වත් එක්කගෙන විගහට අපේ මේ මේන් හෝල් එක පැත්තට වරෙල්ලකො බං...."

" අහ් හරි අයියෙ අපිට දැන් ලයිබ්‍රි.....මං කට්ටියට එන්න කියලා කියන්නං....."

ඉතිං උප ප්‍රධාන ශිෂ්‍ය නායකයගෙ වචනෙට ගරු කරපු දොලහා වාණිජ දෙක පන්තියෙ සිසුවෙක් තමුන්ගේ පන්ති කාමරය ඇතුලට ආවත් හරි ගුවන් ගත වෙච්ච හුණු කොට්ටයක් ඇවිත් කොල්ලගෙ ඔලුව බේරලා යන්තමින් වගේ එතන ඉස්සරහම ඉදගෙන හිටපු ළමයෙක්ගෙ ඔළුවක් උඩින් නතර වුනා......

" අඩෝ මේ.....යොනෙත් අයියා අපිට මේන් හෝල් එක දිහාවට එන්න කියලා කිව්වා......"

" ඇයි ඒ......"

" මං හිතන්නෙ හෝල් එක අස් පස් කරලා දාගන්න...හෙට සාහිත්‍ය දිනේනෙ....."

" යකෝ ඉතිං ඒකට අපිව ගෙන්නගෙන හරියනවද අහ්....."

" දන්නෑ ඉතිං ඌ මට පණිවිඩේ දුන්නා මං ඒක ඇවිල්ලා උඹලට කිව්වා....."

" මෙහෙ වරෙං මයෙ අම්මා......."

වින්දුල කියපු දේවල් සම්බන්ධයෙන් පැහැදිලි නිගමනයකට එලඹිච්ච උප පන්ති නායකයා තමුන්ගේ අත් වල හිරි ගැට කඩන ගමන්ම තමුන්ගේ පන්ති සගයා දිහාවට කිට්ටු වුනේ ඒ පන්තියේ හිටපු සෙසු සාමාජිකයො ටික පවා සුලු මොහොතකට මේ නාඩගම දිහාවට තමුන්ගේ අවදානය යොමු කරද්දී.....

" දැන් මට කියපං වින්දුලයා......අර යොනෙත් කාරයා ඇවිල්ලා උඹෙන් ඇහැව්වම මල්ලි උඹලට දැන් ෆ්‍රී පීරීයඩ් එකක්ද තියෙන්නේ කියලා තෝ මෙතන මහ පගයා වගේ පැනගෙන ගිහින් ඌට කිව්වා නේද අනේ ඔව් අයියා.... අපිට දැන් ලයිබ්‍රි තියෙන්නේ... කියලා .....අහ් කිව්වනෙ....."

"ඔ.....ඔව් ඉතිං ඇයි අවුල් ද...."

" අනේ ඉතිං ලක් අම්මගෙ ඒස පුතා......තෝ කෙරුවොත් කරන්නෙ මුලු පන්තියටම ටොපියක් කන්න වෙන වැඩක් තමයි......ඒ පුතු පැටව් ටික යමල්ලා....නැත්තං එහෙම උඹලයෙ උප ප්‍රධාන ශිෂ්‍ය නායක තුමාගෙ මෝල තද වුනා කියයි...."

|| කැමීලියා ||Where stories live. Discover now