20 වන කොටස

1.6K 78 54
                                    

මගේ සුදු අයියට හුගක් රිදෙනවද.....

එහෙම නෑ මැණිකේ.....

මං හින්දා ලොකු හාමුත් එක්ක රණ්ඩු කරන්න යන්න එපා සුදු අයියෙ.....

උඹ වෙනුවෙන් නොකර මං වෙන කවුරු වෙනුවෙන් රණ්ඩු කරන්නද ආරණ්‍යා....

එහෙම ඕනෙ නෑ......

දන්නවද ආරණ්‍යා..ඇත්ත ආදරේ හරි හයියයි.....ඇත්ත ආදරේ එහෙම ලේසියකට හොලවන්න බෑ.....හරියට නිකං ගජ මුතු තියෙන හස්ති රාජයෙක් වගේ....ස්තීරයි....ගාම්භීරයි.....බොහොම සන්සුන්.... හැබැයි වටිනාකම වැඩී....

මං ඒක නොදන්නවා නෙවෙයි දෙයියනේ... ඒත් මෙහම හැමදාම ගුටි කකා බැනුම් අහගෙන ඔහොම ඉන්නෙ කොහොමද සුදු අයියේ.....

ඒකනෙ මං මගේ මැණික ගාවට එන්නෙ.....

මට වේදනයි......

බීපු කිරි වලටයි ඇගේ දුවන ලේ වලටයි මං මේ තාම ණය ගෙවනවා ආරණ්‍යා.....ඒ පව් උඹ උඹේ පිට පටවගන්න ඕනෙ නෑ......

මං කවදාවත්ම මගේ සුදු අයියට නපුරු වෙන්නෙ නෑ.....අඩවන්නෙත් නෑ......රිද්දන්නෙත් නෑ.....ආදරෙන් බලා ගන්නවා.......

රිද්දුවොත්.....

සත්තයි රිද්දන්නෙ නෑමයි.....


දැනිච්ච ඇගපතේ මහන්සිය හින්දම යන්තං ඇහැ පියාගන්න හැදුවා විතරයි ඔන්න ආයෙම වතාවක් ශාරද්‍යට තමුන්ගේ අතීත මතක වද දෙන්න පටං අරගෙන....

" මචං අභියා......"

" ම්ම්......"

" අපි ගෙවල් ලගට ආවා බං....."

විදූ ඒ කියනකොට තමයි ශාරද්‍ය වුනත් තමුන්ගේ ඇස් දෙක ඇරලා ඒ වටපිටාව දිහා පොඩ්ඩක් විපරම් කරලා බලන්න තීරණය කෙරුවෙ....අර කිව්වත් වගේ ඒ කැබ් එක නවත්තලා තිබුණෙ ශාරද්‍යගෙ ගෙදර ඉස්සරහින්ම තමයි.....

" උඹ එහෙ එන්නැද්ද...."

" නෑ බං මට මහන්සි.....මං මෙහෙම්ම ගෙදර යනවා...."

" හරි එහෙනං ගිහිං මට මැසේජ් එකක් දාපං....."

" එලම...ආදරෙයි හොදේ....චූටි තාත්තිවයි අප්පච්චිවයි මං මතක් කෙරුවා කියලා කියන්න....."

|| කැමීලියා ||Where stories live. Discover now