" ගුඩ් මෝනින් අකිල් පුතේ...."
" ගුඩ් මෝනින් විදූ....මං හිතුවෙ උඹලා කන්න ගියා කියලා......"
" කන්න තමයි ගියේ...."
" එහෙනං ආයෙම රූම් එකට ආවේ...."
" උඹව එක්කගෙන යන්න....."
විදූ එහෙම්මම ඇවිත් එතන ඇදෙන් වාඩි වෙනකොට අකිල් තමුන්ගේ මූණට මවා ගත්තු සුපුරුදු නිවිච්ච හිනාවත් එක්කම විදූට එහාපැත්තෙන් ඇවිත් වාඩි වුනා.....
" ඉස්සර මාත් ඔහොමයි....."
" ඒ කිව්වෙ...."
" උඹත් ඒ කාලේ කෑම කන්න හෙන හොරයිනෙ...."
" මං......"
" ම්ම්...සචිත්ර......"
" අහ්.... ඉතිං උඹ මොකෝ කෙරුවෙ....මට දෙකක් ඇනලා බලෙන් කව්වන්න ඇතිනෙ......"
" අනේ නෑ බං......මං ඒ කාලෙ උඹට හෙන ආදරෙයි....."
අකිල්ගෙ ඒ වචන ගාවදී විදූට වුනත් තරමක ලෙන්ගතු කමක් නොදැනුණාම නෙවෙයි.... හැබැයි ඔය කියන කිසිම සිද්ධියක් ගැන විදූ ගෙ මතකයේ නං තිබුනෙ නෑ ....
" ඉතිං මං බත් කන්න බෑ කියලා කිව්වහම උඹ මොකෝ කෙරුවේ...."
" ඒ කාලේ උඹට හෙන ඇම්මක් තිබුනා ඉක්මනටම ලොකු වෙන්න ඕනෙයි කියලා.... ඉතිං මං ඔය කතාව අල්ලගෙන උඹට මුලු බත් පිගානම කව්වනවා....දැන් වගේම තමයි... ඒ දවස් වලත් උඹව කතාවට අල්ල ගන්න හරි ලේසී..."
" එහෙමද....."
" ම්ම්....."
" ශෝක් නෙ......"
විදූ ගෙ මූණේ පුංචි හිනාවක් ඇදිලා තිබුනට මොකද ඒ සැනින්ම ඒ හිනාව කවුදෝ මන්දා විදූ ගෙන් ඈතට අරගෙන ගිහිල්ලා තිබුණා...
" විදූ...."
" ම්ම්....."
" ඇයි මේ දුකෙන් වගේ....."
" එහෙම නෑ බං පිස්සුද....දුකින් ඉන්න මේ මම......එහෙම වචනයක් මගේ සබ්දකෝසෙ ඇතුලේ නෑ බ්රදර්......"
" ඕක ගිහිං කියපං උඹ වෙන කාට හරි......දැන් කියපංකො ඇයි මේ අවුල් ගිහින් තියෙන්නේ අහ්....මගේ අතින් මොකක්හරි වැරදි දෙයක් වත් කියවුනාද...."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."