" ගුඩ් මෝනින්....... කෝ අනේ මේ ගෙදර මිනිස්සු තාම නිදිද අප්පා....."
" දැන් කොහෙද ළමයො ගුඩ් මෝනින්...."
තමුන්ගේ පිටිපස්සෙන් ඇහිච්ච ඒ කටහඬ හින්දම විදූ ගෙදර පඩි පෙල දිහාවට හැරුණට මොකද දැකපු රූපේ හින්දම කොල්ලගෙ ඇස් දෙක උඩ ගියා....
" දෙයියනේ ආකාශ් අයියා.....මා මේ දකින්නෙ සප්නයක්ද......"
වයසින් තරමක් මුහුකුරා ගියාට මොකද මේ නං ඉන්නෙ තමුන් යනකොට හිටපු විදූම තමයි..... ඉතිං ඒ හින්දම ආකාශ්ට වුනත් පුංචි හිනාවක් පිට වුනා.....මොකද ඥාතීත්වය අතින් ගත්තොතිං එහෙම විදූ කියලා කියන්නෙත් ආකාශ්ගෙම බාල සහෝදරයෙක්............
" සප්නයක් නෙවෙයි විදූ......මං මේ ඇත්තටමයි මෙතන ඉන්නෙ....."
" කවද්ද අයියෙ ලංකාවට ආවේ...."
" ඊයෙ රෑ...."
" විහිලු කරන්න එපා අනේ......"
" විහිලු නෙවෙයි ළමයො.....මං ඇත්තටම ඊයෙ රෑ තමයි මෙහාට ආවේ......"
" ඉතිං කිව්වෙවත් නෑනේ......"
" නොකියම ආවා ඉතිං....කෝ නංගි....."
" කිඹුලි ඉස්කෝලෙ ගියා....හවසට එයි....."
" ම්ම්..... දකින්නත් ආසයි පොඩ්ඩිව....."
" කෝ අයියෙ අභියා......"
" රූම් එකේ ඉන්නවා....."
" ඇයි මේකා ගෙට වෙලාද අහ් ....අභිලාස්.....! මේ හලෝ ඔයා ජම්බු ගහෙන් වැටිලද ඒයී....."
ඒ කටට ගහන්න කටක් තිබුනෙ නෑ.... ඉතිං ආකාශ් කෙරුවේ යාලුවො දෙන්නට ඕන දෙයක් කරගන්න ඉඩ දීලා ගෙදර කුස්සිය දිහාවට හෙමින් සැරේ ඇවිදගෙන ගියපු එක....
" මොකද බං කෑ ගහන්නෙ....."
" ඈ ඕයී...දැන් අයියා ආවායි කියලා මට කිව්වනං එහෙම තමුසෙගෙ එක ඇටයක් ගැලවිලා බිමට වැටෙයිනෙ....."
" කොහෙද යකෝ ඔය අල්ලන්නෙ...."
" මගේ වස්තුව යකෝ...."
" මේක කොහෙද උඹෙ වස්තුව....."
" අම්මට සිරි වෙනවනෙ ඉතිං පුංචි මැණිකෙට...සමාවෙයං....සමාවෙයං......."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."