මධ්‍යහන ඉර මුදුන් වෙලත් දැන් පැය තුනකට විතර කිට්ටු වෙන්න එනවා....... හැබැයි පිට්ටනිය මැද ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන හිටපු කොල්ලෙක්ට නං දැන් දවල් තරු පේන්න පටං අරගෙනයි තිබුණෙ......
" මොන ලෝකෙද මනුස්සයො ඉන්නෙ තමුසෙට හරියට ටාගට් කරලා පිත්ත වනාගන්නවත් පණක් නැද්ද අහ්....."
මුලු ග්‍රවුන්ඩ් එක පුරාම දෝංකාර දෙන්න පටං ගත්තෙ කෝච් අරවින්දගෙ කටහඬ.....
" සොරි සර්......"
" This is the last chance ......Harsha ....! ball again ....! "
" Okay sir......"
ඉතිං තමුන්ගෙ කණ්ඩායම් සගයා තමුන්ගෙ නියමිත ස්ථානයට ගිහිං ඒ පන්දුව දිහස්ගෙ දිහාවට යොමු කෙරුවත් හරි පන්දුව ගිහිං නතර වුනේ විකට් කූරු ටික ගැලවිලා ඒවා එලියට විසි වෙලා ගියාටත් පස්සෙයි......
වෙච්ච දේ හින්දම හර්ශ දිහස් දිහා බලාගෙන තමුන්ගෙන් සමාව ඉල්ලනකොට ඒ හැමදේම හරී කියලා කියන්න වගේ බැල්මකින් දිහස් තමුන්ගේ කණ්ඩායම් සාමාජිකයා දිහා බලාගෙනම ලාවට හිනා වෙන්න පටන් ගත්තා...මොකද පන්දුව විසි කරපු හර්ශගෙ අතේ නෙවෙයි එතන වැරැද්ද තිබුනෙ.... වැරැද්ද තිබුනේ ඒ පන්දුවට හරියට තමුන්ගේ පිත්ත හසුරුවගන්න බැරි වෙච්ච අසරණ දිහස්ගෙ අතේ.......
" බලනවා අයිසෙ.... තමුසෙට තමුසෙගෙ ටීම් මේට් කෙනෙක් දාන බෝලෙකටවත් හරියට ගහගන්න බෑ....what is this Dihas.....තමුසෙ කැප්ටන්සි එකක් හැන්ඩ්ල් කරපු ප්ලෙයර් කෙනෙක් නේද අහ් ...."
තමුන්ගේ පුහුණුකරු වුනත් ඒ හිටියෙ දිහස්ගෙ මාමා....ඇරත් අනිත් සාමාජිකයො ළග ඉන්නැද්දිම තමුන්ට ඒ විදියට කෑ ගහපු එක ගැන නං දිහස්ට තමුන්ගේ මාමා ගැන ඇති වෙලා තිබුනේ එච්චර හොද ආකල්පයක් එහෙම නෙවෙයි.....
" මං මගේ වැරැද්ද පිලි ගන්නවා කෝච්......"
" මතක තියාගන්නවා දිහස්.....එකෙක් කෙලින පිස්සුවක් ඇති මුලු ටීම් එකක්ම ඩවුන් යන්න...... තේරුනාද තමුසෙට...."
" ඔව්......."
" ම්ම්.....ෆිෆ්ටීන් මිනිට්ස් වලින් හැමෝම ආපහු ග්‍රවුන්ඩ් එක මැද ඉන්න ඕනේ ...."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."