උත්සවය බොහොම සාර්ථක විදියට අවසන් වුනා...අදාල වැඩ කටයුතු ටික සේරමත් ඉවර කරගෙන විදුහල් පති පියතුමා ඇතුලු මුලු ගුරු මණ්ඩලයේම ආශිර්වාදය ඇතිව පැරණි ශිෂ්‍ය නායක මණ්ඩලය තමුන්ගේ රාජකාරියෙන් ඉවත් වීමත් නවක ශිෂ්‍ය නායක මණ්ඩලය තමුන්ගේ රාජකාරිය භාර ගැනීමත් අද සිද්ද වුනා.....
ශාරද්‍ය ඇතුලු තමුන්ගේ මුලු ශිෂ්‍ය නායක මණ්ඩලයම හිටියෙ පාසලේ විදුහල් පති තුමාගේ කාර්යාලය අසල......ඒ තමුන්ගේ සාමාජිකයින් සමග ලබා ගන්නා ප්‍රතම නිල කණ්ඩායම් ඡායාරූපය ලබා ගැනිමේ අපේක්ෂාවෙන්.....
" ම්ම්...Third and second line is okay......ඔය ෆස්ට් ලයින් එකේ ඉන්න සුදු මල්ලි තව එකක් එහාට පයින්න බලන්න....."
සුදු මල්ලි කියන අනුවර්ත නාමය ඇහුනා විතරයි විදූට තමුන්ගෙ හිනාව පාලනය කරගන්න බැරි වුනා....මොකද ඒ ඡායාරූප ශිල්පියා සුදු මල්ලි කියලා ආමන්ත්‍රණය කෙරුවෙ තමුන්ගේ හොදම යාළුවට......
" තව එකක් පයින්න....."
ඉතිං ඒ උපදෙස් වළට අනුව ශාරද්‍ය දැන් හිටියෙ උප ප්‍රධාන ක්‍රීඩා ශිෂ්‍ය නායක තුමන්ලා දෙන්නට එහා පැත්තෙන්.....
" නෑ ඒත් නෑ....තව එකක් පයින්න...."
" මුගෙ අම්මට මූ හිතුවද දන්නෑ අපේ හෙඩා ඇවිල්ලා මේ මණ්ඩුක අන්කල්ට දුරින් නෑ වෙන ගෙඹි කුමාරයෙක් කියලා....."
කියපු කතාව නං අර ජායාරූප ශිල්පියට ඇහුනෙ නෑ... හැබැයි විදූ ගෙ ළග හිටපු කොල්ලො හතර පස් දෙනාට නං ඒ කතාව අහලා හොදටෝම හිනා....
" හරි හරි ඔහොම ඉන්න....දැන් ඔය මල්ලි ගිහින් මේ මල්ලිගෙ එහාපැත්තෙන් හිට ගන්න....."
ඔන්න ඒ පාර ඒ ඡායාරූප ශිල්පියගෙ අවදානය යොමු වුනේ පාසලේ ප්‍රධාන ක්‍රීඩා කටයුතු බාරව හිටපු ශිෂ්‍ය නායක තුමාගෙ දිහාවට... ඉතිං වැඩි කලබලයක් නැතුවම දිහස් ශාරද්‍යට එහාපැත්තෙන් ඇවිත් හිට ගත්තා...
" පර්ෆෙක්ට්....."
ඒ තමයි අර ඡායාරූප ශිල්පියගෙ වචන......
" ඔන්න එහෙනං චීස් කියපල්ලා ඈ....."
" හිනා ගස්සන්න එපා යකෝ...."
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."