30 වන කොටස

1.6K 105 211
                                    

හෙට දිනයේදී පැවැත් වීමට නියමිතව තිබූ ඒ කලා උළෙලට සමගාමීව සිදු වෙච්ච පෙර පුහුණුවීම් සියල්ලම දැන් නිම වුනා විතරයි.....

දිහස් හිටියෙ එතන පොල් තෙල් පහනෙ තව ඉතිරි වෙලා තිබිච්ච පුංචි පුංචි සැරසිලි කිහිපයක් නිම කරන ගමන්....

" අහ් ඉලන්දාරියා...."

කොල්ලගෙ පිටට පුංචි තට්ටුවක් දාන ගමන්ම එතනට කිට්ටු වුනේ වෙන කවුරුවත් නෙවෙයි.....දිහස්ගෙ මාමා....

" මාමේ...."

" මාමලා කොහෙද බං මෙහෙ....සර් කියලා කතා කරපිය..."

" අපෝ හරි හරි....දැන් මේ සර් ඇයි මාව හොයාගෙන ආවේ..."

" කවුද බං උඹව හොයාගෙන ආවේ....මං මේ ආවේ හෝල් එක පොඩ්ඩක් බලලා යන්න......."

" ම්ම්.... කොහොමද ඉතිං හෝල් එක ලස්සනයිද ආහ්....."

" ඇත්තටම ලස්සනයි බං....අපි හිතුවටත් වඩා හොදට උඹලා මේ පාර හෝල් එක ඩෙකරේට් කරලා තියෙනවා....."

" තාම මේ පටං ගත්තා විතරයි හොදේ....."

" පහු පහු වෙනකොට තමයි බං කොහු කොහු වෙන්නෙ....."

" බලාගෙන ඉන්නකො......."

" ඉස්සරහට උඹලා කාගෙ කාගෙත් කෙරුවාවල් අපිට බලා ගන්න බැරියෑ...."

ඔන්න අවසානම හරියත් දැන් සිද්ද කරලා ඉවරයි.....මෙතනින් එහාට තව බලන්න ඉතුරු වෙලා තිබුණෙ සවුන්ඩ් සිස්ටම්ස් ටිකයි ලයිට්ස් වල වැඩ කිහිපයකුයි විතරයි....

" ඉතිං කොහොමද අභිලාශ්....."

තමුන්ගේ පිටි පස්සෙන් ඇහිච්ච ඒ නම හින්දම දිහස් එතනින් නතර වුනා....

" ඉන්නවා සර්....."

" මැච් එක දිනුවලු නේද...."

" ඔව් ....."

" කවද්ද සෙමි ෆයිනල්ස්....."

" නෙක්ස්ට් වීක් තර්ස්ඩේ....."

" ම්ම්....හොදට ප්ලේ කරපල්ලා එහෙනං...උඹලට මේ පාර කප් එක ගන්න බැරි නෑ...."

" තැන්කියූ සර්...."

" හරි එහෙනං වැඩ ටික බලලා කරගන්නකො පුතා...."

" සර් දැන්ම යනවද....."

" ඔව් බං ... මුන්ගේ මේ ස්කූල් මැචර්සුත් ඊළග මාසේ පටං ගන්නවනේ......පර්ෆෝමන්ස් බලලා ටීම් එක හදලා ඒ වැඩ ටිකත් මං ඉක්මනට ඉවරයක් කරලා දාගන්න ඕනෙ....."

|| කැමීලියා ||Where stories live. Discover now