" අභියො මේ....."
" ම්ම්...."
" මේ බලහංකො ඒයී මේ ගානෙ මොකක්හරි අවුලක් තියෙනවා වගේ නැද්ද....."
" මොන......"
" මේ සමාගම් ගානෙ බං......"
" නෑ එහෙම අවුලක් නං පේන්න නෑ ....."
" දැන් මං මේකෙ භාගයක් වෙනකම්ම හරියට හැදුවනෙ බං....."
" ඉතිං යකෝ එහෙනම් එතන අවුලක් තියෙන්න විදියක් නෑනේ ඕයී ...."
" නෑ නෑ එතන තමයි ලොකුම අවුල තියෙන්නේ....කොයිහරි හැමිනිලා තියෙනවා....පොඩ්ඩක් හිටහංකො බලන්න......."
ශාරද්ය තමුන්ගේ හොදම යාළුවා දිහා බලාගෙන හිටියෙ මහ එපා කරපු බැල්මකින්......
" ඔහොම බලන්න එපා වස්තුවේ ආදරේ හිතෙනවනෙ....."
අවසාන කාල පරිච්ඡේද දෙක වෙන් වෙලා තිබුනෙ ගිණුම්කරණ විශය වෙනුවෙන් වෙනකොට මුලු පන්ති කාමරයම හිටියේ දැන් සමාගම් ගාන බැලන්ස් කරගන්න දත කන ගමන් ........
" Excuse me sir, may I come in......"
තමුන්ගේ පන්ති කාමරය ඇතුලෙන් තරමක රළු විදියෙ කටහඬක් ඇහිච්ච හින්දම කොල්ලො ටික තමුන්ගේ ඔලුව ගෙඩි ටික උස්සන්න ආයෙ දෙපාරක් හිතුවෙ නෑ.....
" Yes Nilanka come in......"
" Thank you sir......."
ඔව්...පන්ති කාමරය ඇතුලට ඇවිදගෙන ආවෙ නිලංක....ඒ ආපු ගමන්ම නිලංක කෙරුවෙ ශාරද්ය දිහා බලපු එක වෙනකොට මූණට මවා ගත්තු ලා හිනාවකින් නිලංක ශාරද්යට සංග්රහ කරන්න අමතක කෙරුවෙත් නෑ.......
" මට නං මේ නිල මැස්සව පෙන්නන්න බෑ ඕයී....අපේ යොනෙත් අයියා තව හොදයි....ඒකට මේ යකාව දැක්කත් මට නෙලන්න හිතෙනවා....."
විදූ කියපු කතාවත් එක්කම ශාරද්යට පුංචි හිනාවක් ගියාට මොකද ශාරද්යට ඒ සැනින්ම තමුන්ගේ මූණ ආයෙම වතාවක් වෙනස් කර ගන්න පුලුවන් වුනා.......
" සර් පොඩි දෙයක් මෙයාලට කියන්න තියෙනවා....."
" කියන්න නිලංක......"
" තැන්ක්යූ සර්...... කවුද මේ ක්ලාස් එකේ ක්ලාස් ප්රසිඩන්ට්......"
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."