18 වන කොටස

1.5K 89 132
                                    

කොල්ලො ටික හොටෙල් එකට එනකොටත් ඒ ආවේ බාගෙට මැරිච්ච සරණාගතයො ටිකක් ගානට හොදටෝම හෙම්බත් වෙලා.....ට්‍රිප් එක කෙසේ වෙතත් දැන් කට්ටියටම ඕන කරලා තිබුනේ හොදට නිදා ගන්න... හැබැයි ඉතිං දැන්ම එයාලට නිදා ගන්න පුලුවන් කමක් ලැබේවිද .....නෑ.... කොහෙත්ම නෑ......මොකද හොටෙල් එකේ හිටපු සේවකයො ටික දැනටමත් එයාලගෙ වෙල්කම් ඩ්‍රින්ක් එක තමුන්ගේ අමුත්තො ටිකට දෙන්න ලෑස්ති කරගෙනයි තිබුනේ.....

" වාව් මේ හොටෙල් එක නං ඇත්තටම ලස්සනයි විදූ...."

" අපේ ආකාශ් අයියගෙ වැඩ තමයි ඉතිං....."

" සිරාවටම ලස්සනයි...."

අකිල් කියපු විදියටම ඒ හොටෙල් එක ගැන නං ආයෙ කතා කරන්න දෙයක් තිබුණෙ නෑ....මොකද මේකේ අලංකරණ කටුයුතු ටික සේරම වගේ නිම කරන්න බාර අරගෙන තිබුනෙ ශාරද්‍යගෙ සහෝදරයා......ඇරත් මේ හොටෙල් එක විවෘත කරලත් තාම වැඩි දවසක් ගත වෙලා ගිහින් තිබුනේ නෑ.....ස්වභාව සෞන්දර්යය ඕනාවටත් වඩා වැඩියෙන් මුහු කරලා තිබිච්ච මේ හෝටලය නං වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හරිත ලෝකයක්......

" ඒ මේකෙ ඉන්න උන්දැලට  අන්ද කයිප්පුවද හලෝ....."

විදූ ශාරද්‍යගෙ දිහාවට කිට්ටු වෙලා එහෙම අහනකොට නං ශාරද්‍ය වුනත් තමුන්ගේ හොදම යාළුවා දිහා බලාගෙන හිටියේ තරමක කලකිරිච්ච ස්වාභාවයකින්.....

" මේක මගේ අප්පච්චිගෙ හොටෙල් එකද අහ් ....."

" හරි ඉතිං එහෙමයි කියලා මේ මහ රෑ තිස්සේ අපිට කූල් ඩ්‍රින්ක්ස් පොව්වන්න හදන එක අපේ සංස්කෘතියට පොඩ්ඩක් පටහැනී වගෙ නැද්ද...."

" ඒක ගිහිං අහපං උඹෙ අප්පච්චිගෙන්......"

" Here is your drink sir......"

" දන්නැති හින්දයි මේ අහන්නේ අක්කෙ...."

විදූ ගෙ ඒ වචන වලට නං ඇවිල්ලා හිටපු සේවිකාවටත් හොදටම හිනා....ඇරත් එයාලා මේ පුද්ගලයව හොදට අදුනනවා ...ඒ වගේම තමයි මේ පුද්ගලයගෙ ස්වරූපය ගැනත් එයාලාට ආයේ අමුතුවෙන් පැහැදිලි කරලා දෙන්න දෙයක් තිබුණෙ නෑ......

" ඔව් කියන්න සර්...."

" මේක ඇවිල්ලා මේ ඉහලින් ආපු නියෝගයක් ද අනේ...."

|| කැමීලියා ||Where stories live. Discover now