15 වන කොටස

1.7K 89 100
                                    

මහනුවර ස්ටේෂන් එකෙන් බැහැ ගත්තත් හරි දිහස් තමුන්ගේ රංගන කුසලතාවය එතන එලි දක්වන්න පටං අරගෙන තිබුනා.....

" බෑ....බෑ....බෑ....මට නුවර යන්න බෑ...මට බල කරොතිං එහෙම මං මැරෙනවා......"

" යකෝ දිහස්...."

" මේ මොන නවනිංගිරාවක්ද දෙයියනේ අපිට මේ සිද්ධ වෙන්න යන්නෙ......."

" මං කිව්වනෙ මං යන්න එන්නෙ නෑ.......උඹලට ඕනෙනං පලයල්ලා...."

" මොන හුත්තක්ද.....මෙන්න මෙහෙ වරෙං බං යන්න.... හැබැයි මං තෝව දැන් කරේ තියාගෙන හරි උස්සගෙන යනවා දිහස්...."

" අනේ බෑ අනේ බෑ....බෑ කියලා කිව්වනෙ..... අයියෝ....මෙන්න මාව පැහැරග-......"

එතනින් එහාට දිහස්ට එක වචනයක්වත් කියාගන්න හම්බ වුනෙ නෑ ....මොකද විදූ දැනටමත් තමුන්ගේ එක අතකින් දිහස්ගෙ කට හොදට තද කරගෙන තමුන්ගේ අනිත් අතින් කොල්ලව හොදට අල්ලගෙනයි හිටියේ.... ඉතිං විදූගෙ සහයට දිහස්ගෙ හොදම යාළුවත් ගිහින් දිහස්ව අනිත් පැත්තෙන් තද කරලම අල්ල ගන්නකොට කොල්ලට යන එන මං නැති වුනා....ඔන්න දැන් නං වැඩේ හරි...මරන්න ගෙනියන හරකෙක් හා සමානව දිහස්ව කොහොමහරි කරලා ඒ ස්ටේෂන් එකෙන් එලියට අර ගන්නකොට අනේ දෙයියනේ කියලා වෙලාව උදේ එකොලහේ හෝරාවටත් කිට්ටු වෙලා තිබුනා .....

" බලපං අපි කෝච්චියෙන් බැහැ ගත්තෙ කීයටද අහ් ....දැන් මෙතනම වෙලාව එකොළහයි...."

" අනේ මට එන්න බෑ අකිල් මං මෙහාට ආස නෑ......"

" බෑ කියලා බෑනෙ දිහස් දැන් ආපු එකේ උඹට මෙතන තනියම ඉන්න බෑනේ බං..."

" අවුලක් නෑ මං ඉන්නං....."

" දෙයියන්ගෙ රයිස් කැවිලද තොට........"

" අනේ....."

" අනේ පනේ නෙවෙයි දැන් ගුටි නොකා අපිත් එක්ක යන්න වර...... අනිත් උන් ටික දැන් වැව රවුමට ගිහිල්ලත් ඇති මූ මෙතන වඩිග පටුන නටන්න හදනවා.......දෙන්නෙ උඹට සඳ බොඳ වෙන්න......"

ඉතිං විදූගෙ කටේ සද්දෙ හින්දම ඒ අහල පහල හිටපු මිනිස්සුන්ගෙ අවදානයත් මේ කොල්ලො හතර දෙනා දිහා දිහාවට යොමු නොවුනම නෙවෙයි ... හැබැයි ඉතිං සමාජෙට බම්බු ගහගන්න කියලා ජීවිතේ විදපු මේ දරුවො හතර දෙනාට නං ඒ දේවල් වලින් එච්චර ලොකු බලපෑමක් දැනෙන්න තිබුනේ නෑ......ඔතන සද්ද නොකර හිටියට මොකද දැන් ශාරද්‍යත් පැය භාගයක ඉදලම මේ නාඩගම දිහා බොහොම ඉවසීමෙන් බලාගෙන හිටපු එක ප්‍රේක්ෂකයෙක්......

|| කැමීලියා ||Where stories live. Discover now