" මාලිගාව හිත නිව්වට සමාධියට උපමාවයි ඇතුගල....
නුවර වැව මායාවක් වුනාට රන්තාලිය වැවත් ලස්සනයි හවසට...
රොබරොසියා ගැන නං කියන්නෙ මැණික ඉතිං මෙහෙත් මල් පිපෙනවනෙ හරියට ...
කවුරු කවුරුත් කවි නොලිව්වට ප්‍රේමයට තව නමක් කුරුණෑගල....."" මං හරි වාසනාවන්තයි අයියේ......"
" ඇයි මැණික එහෙම කියන්නෙ....."
" මට හම්බ වෙලා තියෙන්නෙ කවි කාරයෙක්වනේ...."
" එහෙනං ඉතින් මං කොච්චර වාසනාවන්ත වෙන්න ඕනේද...."
" ඒ මොකද ඒ....."
" මට හම්බ වෙලා තියෙන්නෙ කවියක් තරම්ම ලස්සන කටකාර කෙල්ලෙක්වනේ......"
" අයියේ......"
" ම්ම්......"
" අපි දෙන්නට එකතු වෙන්න බැරි වුනොතිං එහෙම...."
" මොනවද ආරණ්‍යා මේ කියවන්නේ....."
" කේන්ති ගන්න එපා අයියේ...මං ඇහුවෙ එහෙම දෙයක් සිද්ද වුනොතිං එහෙම අපි මොකද කරන්නේ....."
" එහෙම වෙන්නෙ නෑ....මං මොනවහරි කරලා අප්පච්චිලව කැමති කර ගන්නං......"
" ඒක කරන්න අමාරුයි අයියේ.....වලව්වෙ මිනිස්සු කතෝලික කෙල්ලෙක්ට කීයටවත්ම කැමති වෙන්නෙ නෑ......"
" දැන් තමුසෙ මොකක්ද කියන්නෙ ආරණ්‍යා අහ්...තමුසෙට ඕනෙ මාව අත ඇරලා දාන්නද......"
" අනේ කේන්ති ගන්න එපා අයියේ....හරි අපි මේ කතාව දැන් මෙතනින් නවත්තමුකො......"
" මේ ආත්මෙදි බැරි වුනොතිං එහෙම මං ඊලඟ ආත්මෙකදි හරි උඹව මගෙ ලගට අරගන්නවා ආරණ්‍යා....ඒක පොරොන්දුවක්........ මනස්ගාත නොහිතා දැන් ඉන්න......"
නින්දත් නොනින්දත් අතර හිටපු දිහස්ගෙ මූණ පුරා ලාවට වගේ ඇදිලා තිබිච්ච ඒ හිනාව දිහා ශාරද්‍ය බලාගෙන හිටියේ හරියට නිකං අර ධ්‍යානයකට සම වැදිච්ච බමුණෙක් ගානට සන්සුන් වෙලා.... හැබැයි ඒ ධ්‍යානය බිදලා දාන්න දිහස්ගෙ ඇස් කොන් වලින් හෙමිහිට පල්ලම් බැහැගෙන ආපු පුංචි කදුලු බිංදු පෝලිම් වලට පුලුවන් වුනා....ඉතිං වැටිච්ච කදුලු බිංදුව අහිමි කරගන්න බයේ වගේ ශාරද්‍ය කෙරුවෙ තමුන්ගේ ඇගිලි තුඩු අස්සෙ දිහස්ගෙ ඒ පුංචි කදුලු බිංදුව රදවගත්තු එක...තමුන් ඒ කරපු වැඩේ ගැන ශාරද්‍යට නම් කිසිම විදියක තේරුමක් තිබුනෙ නෑ......ඇරත් ශාරද්‍යගෙ ස්පර්ශයත් එක්කම දිහස්ගෙ කටින් හීනි කෙදිරිල්ලක් පිට වුනේ ශාරද්‍යට දැන් දිහස්ගෙන් ඈත් වෙන්න කාලේ හරී කියන්න වගේ අදහසකින්....... ඉතිං ලැබිච්ච නිමිත්ත ගැන හොඳාකාරව තේරුම් අර ගත්තු ශාරද්‍ය කෙරුවෙ ඉක්මන් කරලා දිහස්ගෙන් ඈත් වෙච්ච එක....ඒ කරපු ශාරද්‍ය ඊළග පාර ළග තිබිච්ච කණ්නාඩිය දිහාවට හැරිලා තමුන්ගේ යුනිෆෝම් එකේ තිබිච්ච අඩු පාඩු ගැන සැලකිලිමත් වෙන්න පටං ගත්තා..
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."