ඒ පැත්ත බලලා ආයෙම මේ පැත්ත බලනකොට දන්නෙම නෑ කාලය ගත වෙලා ගිහිං.....
හයහාමාර වෙනකොට පාසලට එනවා.....ආයෙම ඉගෙන ගන්නවා....විවේක කාලය ලබා ගන්නවා...ආයෙමත් පුටු රත් කරනවා....අමතර පන්ති වල රස්තියාදු වෙනවා .....සතෙක්ගෙ ජීවන චක්‍රයක් වගේ.... එකම දේ ආයෙ ආයෙම සිද්ධ වෙනවා......දහතුන වසරට අඩිය තිබ්බත් හරි නිදහසේ ජීවත් වෙච්ච කොල්ලො ටිකට දැන් තමුන්ගෙ ශරීර කෘත්‍යක් ඉටු කරගන්නවත් කිසිම නිදහසක් ලැබුණෙ නැති තරම් ...කන් පිරෙනකං එකම බනේ අහගෙන ඉදලා..අත් කැඩෙනකං මුලු ගුරු අත් පොතම පිටපත් කරගෙන කොල්ලො ටිකට දැන් තෝ්න්තුව වගේ....ඊටත් හපං මේ ප්‍රශ්න පත්තර කෙරුවාව...එකක් ඉවර වෙනකොට තවත් එකක්......කොටින්ම දැන් මේ උසස් පෙල කියන විභහග භීතිකාව අසරණ කොලු පැටව් ටිකගෙ ඔලු ගෙඩි වටේට සක්මන් කරන ගමන් තමයි තිබුනේ....
" 2020 a/l paper එකේ සමාගම් ගාන හෙට එනකොට හදාගෙන එන්න ඕනෙ.... තේරුනාද......"
" ඔව් සර්......"
" තව මාස දෙකකින් ෆස්ට් ටර්ම් එක්සෑම් එක පටං ගන්නවා ....ලබන මාසෙ මැද සතියක් වෙනකොට මිඩ් ටර්ම් ටෙස්ට් ටිකත් පටං ගන්නවා....උඹලට දැන් නට නට ඉන්න කාලයක් ඇත්තෙ නෑ...විභහගෙට තව අවුරුද්දයි.....ඒ හින්දා ඔය බාහිර වැඩ එහෙම දැන් පැත්තකින් තියලා තමුන්ගේ සම්පූර්ණම අවදානෙ ඔය විභහගෙ වෙනුවෙන් දීපල්ලා...... අවුරුදු දහතුනක් තිස්සෙ ඉගෙන ගත්තු පාසලට දෙන්න පුලුවන් ලොකුම ගෞරවය තමයි උඹලා සේරමල්ලා හොදට පාස් වෙන එක...."
ඒ කියපු ඇනුම් පද ටික නං කෙලින්ම ගිහිල්ලා නතර වුනේ පාසලේ හිටපු ශිෂ්‍ය නායක මණ්ඩලයේ කර පිටින් තමයි.... හැබැයි ඉතිං ඒ කියපු කතාවෙත් කිසිම වැරැද්දක් පේන්න තිබුනෙ නෑ.....අවුරුදු දහ තුනක් තිස්සෙ තමුන්ව දැනුමෙන් පෝශණය කරපු තමුන්ගේ දෙවෙනි පවුලට දෙන්න පුලුවන් වෙච්ච වටිනාම තෑග්ග තමයි විභහගය ඉහළින්ම සමත් වෙන එක... අවාසනාවට එහෙම හිතිලා තියෙන්නෙ ශාරද්‍යට විතරමයිද කොහෙද.....මොකද ශාරද්‍යගෙ සිතිවිලි වලට හාත් පසින්ම වෙනස් වෙච්ච දිහස්ට නං මේ වෙලාවෙදි ඇති වෙලා තිබුනේ මහ අමුතුම විදියෙ ප්‍රශ්න කිහිපයක්....
YOU ARE READING
|| කැමීලියා ||
Non-Fiction" නාද්ය ! උඹ දැකලා තියෙනවද කැමීලියා මල් හිනාවෙනවා....." " මල් වලට කවද්ද බං හිනා වෙන්න පුලුවන් වුනේ...." " ගිහිං කන්නාඩියකින් බලපං නාද්ය...අහංකාර කැමීලියා මලක් හිනා වෙනකොට තියෙන ලස්සන ගිහිං කන්නාඩියකින්ම බලපං...."