කතෘ මානයෙන් 💗💗 ,
⚠️ මේ කොටසේ නම් සුට්ටන් බට්ටන් සංවේදී සීන් එකක් තියෙනෝ . මම ටිකක් සාමාන්ය විදිහට ඒ කොටස් ලිව්වේ . පුලුවන් නම් කියවන්න . බැරි නම් ,....ඒත් කරන්න දෙයක් නෑ කොහොම හරි කියෝපල්ලා ⚠️🙂
" අනේ හේෂාන් අයියේ දැන් නම් හෙන කම්මැලි අප්පා . මේ කඩවල්වල රාක්ක විතරනේ තියෙන්නේ . දැන් නම් ඇවිදලා ම එපා වෙනවා "
හේෂාන් අනික් ඩබලත් එක්ක ෂොප් දෙක තුනකට ම ගියත් පොත් , ජුවලරි , ටෝයිස් වගේ මෙලෝ වැඩකට නැති දේවල් හැරෙන්න වෙන දෙයක් නම් තිබ්බේ නෑ.
මේ වෙද්දි කට්ටිය හොස්පිට්ල් එක පාස් කරලා ටිකක් දුර ඇවිත් තිබ්බ නිසා තුන්දෙනාම කලින්ට වඩා ටිකක් අවධානයෙන් වටපිටාව ගැන හිටියේ . මොකද කොහෙන් ,කීයට සොම්බිලා එයි ද කියලා කවුරුත් ම දන්නේ නෑ .
" ම්ම්..මමත් හිතුවේ මේ කොටස තාම අපේ කෑම්ප් එකෙන් සුද්දයක් දැම්මේ නැති නිසා මොනවා ම හරි ඉතුරු වෙලා තියෙයි කියලා . බලන් ගියාම කිසි දෙයක් නෑනේ . ෂිට් . එක්කෝ ඉන්න සොම්බියෙක්ගේ බ්ලඩ් ටිකක් අරන් යන් ."
" ඔව් නේ . මටත් දැන් - අඩේ හේෂාන් අයියේ අර ෂොප් එක බලනවකෝ . "
නිකේෂ් කිය කිය හිටපු එකත් නවත්තලා එතන ලග තිබ්බ පොඩි ෂොප් එකක් පෙන්නුවාම හේෂාන් වගේම හස්නකත් ඒ පැත්ත හැරිලා බැලුවා .
ලොක් කරලා තිබ්බා වුනත් ඒ ෂොප් එකේ ග්ලාස් දෙක තුනක් ම කඩලා දාලා තිබ්බේ . ඒ වුනාට එතන පැණි රස කෑම නම් හෙන ගොඩක් තාම ජීවතුන් අතර තිබ්බා .
"අඩේ චොකලට් ගොඩ යකෝ . මේ ඇස් පින් කරලා ඔයාව කන්න දෙයියනේ . ආහ් ඇස් නෙවේ නේ කට නේ පින් කරලා තියෙන්නේ . මොකක් හරි . අනේ මම ගිහින් එකක් අරන් එන්නම් ඈ "
නිකේ පොඩි එකා වගේ චොකලට් එකක් ගැන කියවන්න ගත්තම හේෂාන්ට නම් නිකන් ම හිනාවක් ගියා . මහ ලොකුවට කට තිබ්බට ඉදලා ඉදලා දාන මේ වගේ බාලාංශේ හැසිරීම්වලට හේෂාන් කටින් කිව්වේ නැතත් හිත යටින් මාර ආසා වුනා .
නිකේෂ් හිනාවක් දාලා කඩේ ඇතුලට දිව්ව ම හේෂානුත් ලග හිටිය හස්නකත් එක්කරගෙන නිකේ පිටිපස්සෙන් ම ඒ ෂොප් එක පැත්තට ගියා .
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...