කතෘ මානයෙන් 💗💗 ,
සොම්බියා හපපු අත පපුවට තුරුල් කරගත්ත නිකේෂ් ඇස්දෙකත් වහගෙන එහෙම්ම ම එතන තිබුන බිත්තියකට හේත්තු වුනේ නහර , අස්ථි පිටින් ම වෙන් වුන අතේ කොටස දිහා එක තත්පරයක්වත් නොබලා . නිකේෂ්ගේ ම ලේ වලින් එයාගෙම ෂර්ට් එක තෙමෙද්දි නිකේ හිටියේ කියාගන්න බැරි තරම් වේදනාවකින් .
ඒත් එක්කම කවුරු හරි කෙනෙක් නිකේෂ්ගේ අතින් ඇද්දේ ඔච්චර වෙලා ඇස් දෙක වහගෙන හිටිය නිකේෂ්ගෙත් ඇස් නිකන් ම ඇරෙද්දි .
නිකේෂ්ගේ කදුලු හිරකරන් හිටිය ඇස් එක තත්පරයක් ඇතුලත හේෂාන්ගේ ඇස්වල ගැටුනත් නිකේ ඒ තත්පරේ ම අහක බලාගත්තේ නිකේෂ්ට තවත් හේෂාන්ට මුහුණ දෙන්න තරම් හයියක් හිතේ නොතිබ්බ නිසා . ඒකට හේතුව දන්නේ ඉතින් නිකේ ම තමා .
හේෂාන් නිකේෂ්ගේ ලේ ගලන අත දිහා බලන් හිටියේ ඇස් දෙකත් රතු කරගෙන . අතේ කොටසක් ම වෙන් වෙන්න හපා කාලා තියනවා වගේ ම මේ වෙද්දිත් ඒ කොටසේ කලු පාට නහර පෑදිලා තියනවා දැක්කම හේෂාන්ට ආවේ පපුව හිරවෙලා යනවා වගේ හැගීමක් .
ඒත් තවත් කාලේ කාලා අවධානම වැඩි කරගන්න හේෂාන්ට කොහොමත් ඕනේ වුනේ නෑ . ඒ නිසා ම ඉණට බැදගෙන හිටිය බෙල්ට් එක නිකේගේ මැණික් කටුවට ටිකක් උඩින් වෙන්න හිර කරලා ම බැන්ද හේෂාන් නිකේ දිහා බලන් හිටියේ ඇස්වල කදුලුත් පුරවගෙන .
" හේ...හේෂාන් අයි..යේ මොනවද ඔය කරන්නේ "
හේෂාන් නිකේෂ්ගේ අත වටේට බැන්ද බෙල්ට් එක දිහා බලන් හිටිය නිකේෂ් එහෙම ඇහුවේ තුවාලෙන් ආපු වේදනාව අමාරුවෙන් වුනත් දරාගන්න ගමන් .
මස් , හම , නහර, අස්ථි බිදිලා සම්පූර්ණයෙන් ම වගේ වෙන්වුන නිකේගේ අත නිකේෂ් හරියට ම දැක්කේ එවෙලේ වෙද්දි නිකේෂ් කායිකව වගේ ම මානසිකවත් ගොඩක් කඩන් වැටුනා .
අතේ හැපුම සිද්ධ වුන තැන වටේට පෑදිදා තිබ්බ කලු පාට වේගෙන යන නහර , අත දිගේ එකදිගට බේරෙන ලේ , වගේම මස් , හම පසාරු වෙන්න ම කරපු හැපුම් පාර දකිද්දි නිකේෂ් හිටියේ තමන්ගේ ජීවිතේ අත ඇරලා ම දාලා . ඇස් අගිස්සෙන් කඩාගෙන වැටුන කදුලු බින්දු දෙක කම්මුල් දිගේ ගලාගෙන ගියේ නිකේෂ්ට ඒවා පිහදාගන්න තරම්වත් සිහියක් නැති වෙද්දි .
![](https://img.wattpad.com/cover/385055826-288-k276459.jpg)
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...