දැන් නම් මේ ලෝකෙ හෙන පිස්සු විකාරයක් වෙලා තියෙන්නේ . ඒ ගැන හිතද්දි මගේ මොලෙත් පිස්සු විකාර මොට්ට අණ්ඩපාල වෙලා යනවා කියහන්කෝ .
ඉස්සර මිනිස්සු පිරිලා තිබ්බ පාරවල් දැන් පාලුවට ගිහින් තියන විදිහ දැක්කම තනි ඇහැට ඇඩෙන්න එනවා සාන්ත. මොනා නැතත් කොන්ක්‍රීට් වනාන්තරයක් වෙලා තිබ්බ කොලඹ දැන් වෙද්දි ටික ටික ඇත්තම වනාන්තරයක් වීගෙන එන්න පටන් ඇරන් . සොබාදහමත් වෙලාවකට කරන්නෙ හෙන අමුතු වැඩ .
ලෙවින් අයියාට නම් වෛරස් නෙවේ ලෝක විනාසේ එනවා කිව්වත් ගානක් නැති පාටයි . මේකා එක අතකින් මගේ රින් එක ආපු අතත් අල්ලගෙන හැන්ඩි කොම්ලා වගේ තනි අතින් ඩ්‍රයිව් කරනවා . අනේ ඉතින් මගේ පිස්සු හොට් චොකලට් කෑල්ල .
මම නම් ඉතින් සුපුරුදු පරිදි පැසෙන්ජර් ෆීට් එක උඩට කකුල් දෙකත් අරගෙන ලෝක සත්‍ය මෙනෙහි කරන ගමන් හිටියේ .
අපේ එවුන්ට මොනා වෙලා ද මන්දා . ලෙවින් අයියා කියන විදිහට ඒ කෑම්ප් එකේ ඉන්නේ තිරිසන්නු නම් දැනටමත් අපේ එවුන්ට උන් මොනා කරලා ද මන්දා . සැක් මට උන්ව හම්බුනා නම් සොම්බින්ට කන්න දානවා . මෝඩ වවුලෝ.
ඒ අස්සේ කෑම්ප් එක , ටිරාන් කොහොම ඒක තනියම බලාගනී ද දන්නේ නෑ ..මම දන්නවා උගේ කට වගේම වැඩත් සුපිරි කියලා . ඒත් තනියම කෑම්ප් එකක් ම බලාගන්න එක ටිකක් අමාරුයි නේ .
යකෝ මට තියන ප්‍රශ්න ලෝක පාලක දෙයියන්ටවත් නැතුව ඇති . දෙයියන්ට නම් මොකෝ ඉතින් . එයාට තියෙන්නේ පුටුව රත් වුනාම වැඩ අල්ලන්න නේ . හයියෝ මගේ දුක දැකලා ඔයාගේ පුටුව රත් වෙන්නේ නෑ ද දෙයියෝ .
එක අතකට බැලුවොත් මම දුකෙන් නෙමේ නේ ඉන්නේ . අනික් අත බැලුවොත් ඒක නම් ලෙවින් අයියා ගාව . එයා මගේ අත්වල තුවාලේ පෑරෙන්නේ නැති වෙන්න හිමීට අල්ලගෙන කල්පනා ලෝකෙක ගිලිලා ඩ්‍රයිව් කරනවා .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...