39 ♥️

56 5 8
                                    

මට ටිකක් කලින් ඇහැරුන නිසා උදේට ඉන්න මලපෙරේත කනමද මූඩ් එක අයින් වෙලා පලයන් කියලා හිතාගෙන හෝදගෙන එද්දිත් මේ මනුස්සයා සුපුරුදු පරිදි තලගොයා පොලොවේ ගැහුවා වගේ නිදි කියහන්කෝ .. කවුරු කියලද බැලුවේ .. ඔව් ඔව් එයා තමා .

මමත් ඉතින් හබියාව ඇහැරෙන්නේ නැති වෙන්න තුවාලේ තිබ්බ කකුල යටින් කොට්ටෙකුත් තියලා ඇද ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තේ නිදාගෙන ඉන්න හැන්ඩි බොසාව හොදට බලාගන්න .

මූ නිදාගෙන නෙවේ කොහොම හිටියත් හැන්ඩ්සම් යකෝ. ඒකට මම , උදේට මූණක් කටක් හදන්නේ නැතුව ගෙදරින් එලියට බැස්සොත්  අල්ලපු ගෙදර එවුන් මහසෝනා ආවා කියලා තොයිලයක නටයි .

" ම්ම්ම්හ්මූම්ම්....ඔයා නැගිට්ටද එවෝන් "

ඈනුම් කෝටියක් ඇරලා ඊට අමතරව වන්නමකුත් නටපු ලෙවින් අයියා මෙච්චර හොදට නැගිටලා හිටපු මගෙන් නැගිට්ටද ඇහුවා .

ඇයි බං උබට පේන්නේ නැද්ද මම ඉදගෙන ඉන්නේ කියලා . මමත් ඉතින් පොඩ්ඩක් සැර මූඩ් එකකට ආවා .සැර වෙන්නේ නැතුව කොහොමද බං හබියාව හදා ගන්නේ .

" ඔව් බං අයියේ මට උඔ වගේ පුපට එලිය වැටෙනකන් නිදාගෙන පුරුදු නෑනේ . හැබැයි මම හතට ඔෆිස් යන්න තියෙනවා නම් හයයි පනහට තමා නැගිටින්නේ . ඒක වෙන ම කතාවක් . ඒ වුනාට මට හිතාගන්න බෑ උඔ කොහොමද මේ වගේ කනමදයා ගැහුවා වගේ නිදාගෙන ඔෆිස් ආවේ කියලා . ඇත්ත කියපන් අයියේ තෝ මූණවත් හෝදන්නේ නැතුව නේද ඔෆිස් ආවේ . සැක් බං "

" අපෝ මොනාද මැණික නැගිට්ට වෙලාවේ ඉදන් මට බනින්න පටන් ගත්තද . හරි නරකයි .හුම්ම්...මෝනින් කිස් එකක්වත් දුන්නේ නෑ. "

අම්මේ මේ කෝලම බලහන්කෝ සාන්ත . තොලත් පෙරලගෙන ලෙවින් අයියා හෙන අහිම්සක මූණක් හදාගත්තා ම මට මේකාව හපලා කන්න හිතුනා . ඇයි යකෝ මූ මෙහෙම ..ඒත් ඉතින් ඕවා සමාජගත කරන්න ඕනේ නෑනේ සාන්ත .

ඔක්කොමත් හරි මුගේ ඇදුම් තමා අවුලකට තියෙන්නේ . අගල් දෙකේ විතර ෂෝටක් ගහගෙන පශ්චාත් බාගෙත් උඩ දාගෙන නිදාගෙන හිටිය ම හරිම අපූරුයි . තව ටිකකින් අර තීනුච්චි ආවම ඊටත් වඩා අපූරුයි .

හදවත් ❤️Where stories live. Discover now