ලෙවින් අයියයි මමයි ගොන් කතා කියව කියව කොහොම හරි 1.××××කෑම්ප් එක තිබ්බ තැනට ම ආවා . ඒත් එතනට ආවට පස්සේ තමා තේරුනේ කරගත්ත මෝඩකම .
අපි නම් ඉල්ලගෙන ම කන ජාතියක් අප්පා . එතන තිබ්බ දේ දැකලා මගේ කටත් බාගෙට ඇරුනා කියහන්කො ....
මම මේ ජීවිත කාලෙට ම දැක්ක පට්ට භයානක දර්ශනයක් මගේ ඇස් ඉස්සරහා තිබ්බේ . මම කරන්නේ මොකද්ද කියලා හිතාගන්න බැරි වුන නිසා ලෙවින් අයියා දිහා බැලුවත් එයාගෙ මූණෙත් ලොකු වෙනසක් තිබ්බේ නෑ . එයත් හිටියේ මම වගේම පට්ටෙට ම බය වෙලා .
ලෙවින් අයිය බය වුන වෙලාවට පොඩි කියුට් ගතියක් තියනවා හැබැයි .යකෝ එවෝන් , තොට නම් පිස්සු බල්ලෝ . මෙච්චර දෙයක් වෙලා තියනකොටත් මම ලෙවින් අයියගේ හැඩ බල බල ඉන්නවා . ආදරේ කොම්චර අන්ධ ද කියලා දැන් තමා තේරෙන්නේ .
එතන තිබ්බේ මහ ලොකු දෙයක් නෙවේ හැබැයි .
මේ කාලේ වෙනකොට සාමාන්‍යයෙන් දකින්න ලැබෙන දෙයක් . ඒත් ඒක අසාමාන්‍ය විදියට තිබ්බ එක තමා තියන අවුල .එක්කෙනෙක් , දෙන්නෙක් නෙවේ .සොම්බිලාම පනහකට වැඩි ගානක් 1.×××× කෑම්ප් එකේ බැම්ම වටේට ම එකතු වෙලා හිටියා . මට ඒක දැක්කට පස්සේ හුස්ම ගන්නත් බැරි වුනා සාන්තගේ කිරි කිත්තේ . මගේ ඇස් මාව රවට්ටනවා වෙන්න බෑත . මෙච්චර සොම්බිලා ගොඩක් එකම තැන ....
මුන්ට නිකන් හරි අපි ඉන්නවා කියලා දැනුනොත් කාර් එකෙන් නෙවේ රේසින් කාර් එකෙන් ගියත් බේරෙන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ . සොම්බිලා වේගවත් වුනේ නැතත් ලොකු සොම්බිලා රෑනකට මැදි වුනොත් ගැලවෙන එක බොරු .
කූඹි ගාලක් අතරෙයි , මේ සොම්බි රොත්ත අතරෙයි ලොකු වෙනසක් මට නම් පේන්නේ නෑ .හරියට නිකන් මුන් මෙතන එකතු වෙලා ඉන්නේ උන්ට මෙතනින් ෆ්‍රී කෑම පැකට් එක ගානේ දෙනවා ඔතන ම හිටපල්ලා කිව්වා වගේ . අපේ එවුන්ටත් නිකන් දෙනව නම් ඕනේ ගූ බෙට්ටක් ගන්නව නේ . අනේ කාලේ වාසේ වනේ කිව්වලු .
"ලෙ...ලෙවින් අයියේ , මේ මොකද්ද මෙතනට වෙලා තියෙන්නේ. "
මම ලෙවින් අයියගේ පැත්තට හැරිලා එහෙම ඇහුවත් එයාගේ මූණෙන් නම් තේරුනා මේ වගේ දෙයක් එයත් කලින් දැකලා නෑ කියලා .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...