මම උදේ නැගිටිද්දි සොම්බි කෙනෙක් වෙලා . අනේ මම වෙන්න එපා කියලා හිතුව දේම ඇයි වෙලා තියෙන්නේ . මම ඉක්මනට දුවන් ගිහින් ලෙවින් අයියගේ කාමරේ තිබ්බ ලොකු කණ්ණාඩියකින් මූණ බැලුවා . හයියෝ මට බෑ සාන්ත .
මම ඇත්තටම කැත සොම්බි කෙනෙක් වෙලා . මුලු ඇගම සුදුමැලි වෙලා ඇස් දෙකම රතු වෙලා . කට වටේත් ලේ ගෑවිලා . කොහොමද යකෝ කට වටේ ලේ ගෑවෙන්නේ . ඒ..ඒ කියන්නේ මම ලෙවින් අයියව හපලාවත් ද . මම ඉක්මනට ලෙවින් අයියා දිහා බැලුවම ඒකාත් සොම්බි කෙනෙක් වෙලා . අනේ මට බෑ යකෝ .
"එවෝන් , එවෝන් ..මැණික . ඒ..ඒයි නැගිටින්න . මොකද වුනේ "
සොම්බි කෙනෙක් වෙච්ච ලෙවින් අයියා එකපාරට මගේ උරහිස් දෙකෙන් අල්ලලා වේගෙන් හෙල්ලුවාම එකපාරට මම නැගිට්ටුනා කියහන්කෝ . මගේ මුලු ඇගම දාඩියෙන් තෙමිලා . පපුවත් එකසිය ගානට ගැහෙනවා . ලෙවින් අයියත් ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මම දිහා බය වෙලා වගේ බලන් හිටියා .
මම ඉක්මනට ඇදේ ඉදගෙන ලෙවින් අයියගේ මූණ ම අත් දෙකට අරන් දෙපැත්තට කරලා බැලුවේ අයියා සොම්බි කෙනෙක් වෙලා නැද්ද කියලා . ඒත් එයා තාම ඉස්සර හිටිය කෙනාම තමා .මගේ ලෙවින් අයියා තාම හොදින් ඉන්නවා .
"අ..අයියේ ඔ..ඔයා සොම්බි කෙනෙක් වුනේ නැද්ද එතකොට "
"ආහ් , මම . මට මොකුත් වු-"
මම එකපාරට එයාව තදින් බදාගත්ත ම ලෙවින් අයියා කිය කිය හිටපු එක නවත්තලා මාව ආපිට තදින් බදාගත්තා .
ඒ කියන්නේ ලෙවින් අයියා තාම හොදින් ඉන්නවා . මමත් සොම්බි කෙනෙක් වෙලා නැද්ද ඒ කියන්නේ . මම දැක්කේ හීනයක් ද එතකොට . ඒත් මම මේ දැන් දකින්නටත් හිනයක් ද . ඒත් මට ලෙවින් අයියගේ සුවද , ඒ උණුසුම දැනෙනවා . ඒ කියන්නේ මේ හීනයක් නෙවේ නේද .
" හේයි එවෝන් මොකද රත්තරන් වුනේ . ඔයා හීනයක් දැක්කද ආහ් . ඔක්කොම දේවල් හරි මැණික. මම ලග ඉන්නවා නේ . ම්ම්ම්.."
ලෙවින් අයියා මගේ ඔලුව අතගාන ගමන් පට්ට ආදරණිය ටෝන් එකකින් එහෙම කිව්වා . එයා කවදාවත්ම බොරු කියන්නේ නෑනේ . එහෙනම් මම ඒ දකින්න ඇත්තේ හීනයක් නේ . අම්මෝ දැන් තමා ඇගට ලේ ටිකක් ඉනුවේ .
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...