කතෘ මානයෙන් 💗💗 ,
ඊලග දවසේ උදේ නිකේ නැගිටිද්දිත් හේෂාන් කාමරේ පේන්න හිටියේ නෑ .ඒ නිසා නිකේෂ් ඉක්මනට නැගිටලා කාමරේ හැමතැනම හේෂාන්ව හෙව්වා . එක්කෙනෙක්ට හේෂාන් අයියා නැතුව පාලුවක් ඇවිල්ලා වෙන්න බෑත .
හේෂාන්ව මුලු රූම් එකම පීරලා හෙව්ව නිකේෂ් එතකොට තමා දැක්කේ හේෂාන් නෝට් එකක් ලියලා තියලා ගිහින් කියලා . ඇද ලග තිබ්බ පොඩි ටේබල් එකක් උඩ වැල් අකුරින් වගේ ලියලා තිබ්බ ලියුම දැක්කම නිකේෂ්ගේ කට කනට ගියා .
" Good morning Adhya ,
මට අද උදේ ම අර රෙහාන්කාරයා එන්න කිව්ව නිසා ඉක්මනට යන්න උනා . ඔයා වොෂ් එකක් දාගෙන මගේ අල්මාරියේ උඩ ම තට්ටුවේ තියන ෂර්ට්වලින් ගැලපෙන එක්ක අරගෙන , අනික් දෙන්නටත් දීලා කෑම්ප් එකේ පිට්ටනියට එන්න. හරියට ම 10 වෙද්දි එන්න. නැත්තම් පනිශ්මන්ට් කන්න වෙයි .රෙහාන්ගේ පනිශ්මන්ට් දරුණුයි .ඒ නිසා පිස්සු නටන්නේ නැතුව ඉක්මනට වරෙන් .මම උදේ කෑම එක ඔයාලගේ කාමරේට යවන්න කිව්වා .හොදට කාලා වරෙන් ආහ්. මෙතන උක් ගස් නෑ කන්න.
අනික මාව දන්නේ නෑ වගේ ඉන්න ආධ්‍ය. නැත්තන් ඒක ඔයාට ලොකු ප්‍රශ්නයක් වෙයි .
ප්‍රශ්න දාගන්න නම් හිතන්නවත් එපා .Bye .ඉක්මනට එන්න. See u soon "
හේෂාන්ගේ ලියුම කියවපු නිකේෂ්ට නම් නිකන්ම හිනා ගියේ මැර හේෂාන් ලියුම් ලියන්නත් දන්නවා නේද කියලා මතක් වෙද්දි . ඒ අස්සේ ලියුමේ උක් ගහක් ගැන ලියලා තියනවා කියලා දකිද්දි නම් අපේ අහින්සක නිකේ රතු වෙලා ගියා ..
හේෂාන්ගේ ලියුම කියව කියව තනියම හිනා වුන නිකේට එතකොට තමා වෙලාව බලන්න මතක් වුනේ . වෙලාව උදේ නවයටත් ලග නිසා ඉක්මනට වොශ් එකක් දාගෙන ෂර්ට් එකකුයි කලිසමකුයි ඇදගෙන අනික් ඩබලටත් ඇදුම් අරගෙන නිකේෂ් කාමරෙන් දිව්වේ ගාල කඩාගත්ත කුලු හරක් පැටියා වගේ .
හේෂාන් හිටිය බිල්ඩින් එකට ටිකක් ලගින් තමා යශ්මිතලාට නවතින්න දුන්න හෝල් එකත් හදලා තිබ්බේ . ලොකු භූමි පරාසයක විසිරිලා තිබ්බ කෑම්ප් එක හරියට ම බලාගන්න චාන්ස් එකකුත් ලැබෙයි කියලා හිතන ගමන් නිකේෂ් යශ්මිතයි කෙනුලුයි හොයාගෙන ගියා ..
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...