මම ලෙවින් අයියට කිස් එකක් දීලා කෙලින් ම දුවන් ආවේ අපි ඉන්න ටෙන්ට් එකට . අනේ මොකද්ද යකෝ මම ඒ කරේ .මම ඇයි දෙයියනේ ඌව කිස් කරේ .
මගේ අත් දෙකත් වෙව්ලනවා . මිසිස් ඩේසි නම් මගේ වෙව්ලන අත් දෙක උඩට වෙලා හොදට නිදි . අනේ මන්දා ඩේසි කෙල්ලේ බලපන්කෝ උඔ නිසා තමා මේ සේරම .
ෂික් මම නම් මහ පිස්සෙක් . මමත් ඉතින් අශ්වින් අයියා කියන්නේ මොකද්ද ගොනා වගේ කරනවා නේ . උගේ සෑඩ් මූණ දිහා බලන් ඉන්න බැරි නිසා මම එහෙම කරේ . හයියෝ ....
දැන් ඒක අමතක කරපන් එවෝන් . වුන දේ වුනා . ඒත් මට සැජ්ජයි අප්පා . ඔක්කොට ම කලින් මේ පූස් මැණිකට බෙහෙත් දාන්න ඕනේ . පව් කකුල ලග තුවාලත් වෙලා . මම ෆස්ට් ඒඩ් බොක්ස් එක තිබ්බේ නැති හින්දා ලග තිබ්බ රෙද්දක් තෙමලා උගේ කකුල පිහලා දැම්මා .
ඒ අස්සේ මට ලෙවින් අයියා මගේ තුවාල වුන ඇගිල්ල කටේ ගහගත්ත හැටිත් මතක් වුනා කියහන්කෝ . අනේ මේ මොන රෙද්දක් ද අප්පා . කොහෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ ලෙවින් අයියා කියන නමින් නේ .
හවස් වෙන්නත් ලග නිසා මේ අහින්සකයාට කන්න දෙන්න එපැයි . දැන් මෙතනට වෙලා ගෑනි වගේ ලැජ්ජා වෙවී ඉදලා නම් හරියන්නේ නෑ . ගිහින් මේකාට කන්න මොනා හරි හොයන් එන්න ඕනේ .
මම ඕනේ රෙද්දක් වෙන්න කියලා මිසිස් ඩේසිවත් තුරුල් කරගෙන ටෙන්ට් එකෙන් එලියට ආවා . අම්මෝ හොද වෙලාවට ලෙවින් අයියා පේන මානෙක නෑ . නැත්තන් මම මෙතන ම දිය වෙලා වැක්කෙරෙයි ලැජ්ජාවට ම .
මම ටිරාන්ලගේ ටෙන්ට් එක ලගට ගියේ මුට කන්න දෙන්න පුලුවන් විදිහේ කෑමක් තියනවා නම් ඉල්ලන්න . ඌ නේ ඉස්සර වෙලාම අහින්සක ලෙවින් අයියට නැට්ටිච්චියක් ඉන්නවා කියලා පච කෙලියේ . දැන් උඔම ඒ කියුට් කෙලි පොඩ්ඩිට කෑම හොයලා දීපන් ටිරානයෝ .
"ටිරාන්න්න්න් .... උඔ නිදිදෝ. ඕයි . මම ටෙන්ට් එක ඇතුලට එන්-"
"මොකද බං කිරි කෑල්ල බෙරිහන් දෙන්න .මම නැතුව පාලුයි ද , නැත්තන් අශ්වින් උඔව ගෙයින් එලියට දැම්මා ද..අඩෝ කොල්ලෝ උඔට ලමයෙක් ලැබුනද බං අපි නැති ටිකට . අශ්වින් නේද තාත්තා . හ්හ්හ්හ්හා..."
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...