" අ...අයියේ ම..මම සොම්බි කෙනෙක් වෙයි ද "
මම එහෙම ඇහුවම ලෙවින් අයියා මගේ ඔලුව අතගාන එක නැවැත්තුවත් එයා මාව එයාගේ පපුවෙන් ටිකක්වත් ඈත් කරේ නෑ .ටිකක් වෙලා වචනයක්වත් කතා කරපු නැති ලෙවින් අයියා ආයෙත් හිමීට මගේ ඔලුව අතගාලා මාව එයාගේ තුරුලෙන් ඈත් කරගත්තා .
මම හරි නම් දැන් ලෙවින් අයියාගෙන් ඈත් වෙන්න ඕනේ . මට සොම්බි වෛරස් එක හැදිලා නම් මම ලෙවින් අයියට ලන් වෙන එකෙන් එයාටත් කරදරයක් වෙන්න ඉඩ තියනවා . දැන් ඉතින් මම කොහොමත් මැරෙයි නේ . එහෙම එකේ මොකටද ලෙවින් අයියටත් බොරුවට කරදර කරන්නේ .
මට තවත් එයා එකක් ඉන්න ඕනේ උනත් මම එයාව මගෙන් ඈත් කරා . ඉස්සර වෙලා නම් මූව තල්ලු කරද්දි හෙලවුනේවත් නෑ . ඒත් මේ පාර ලෙවින් අයියව තල්ලු කරපු ගමන් පිටිපස්සට වුනා . අයියගේ ඇස්වල කදුලු පිරිලා .
" අ..අයියේ ම..මම දැන් මෙතනින් යන්නම් . මම මෙතන හිටියොත් ඔයාටත් කරදර-"
"හේයි එවෝන් මම කියන දේ අහන්න . ඔ..ඔයාට මොකුත්ම වෙන්නේ නෑ . ගොඩක් දුරට සොම්බි වෛරස් එක බෝ වෙන්නේ ලේ මිශ්‍ර වුනොත් නේ . ඒත් ඔයාගේ අත්වල තියෙන්නේ පිච්චුන තුවාල විතරනේ රත්තරන් , ඔ..ඔයාට මොකුත් වෙන්නේ නෑ . බය නොවී ඉන්න . ඕකේ "
ලෙවින් අයියා මගේ නලලට හාදුවක් දීලා එහෙම කියද්දි මගේ හිතට පොඩි සැනසීමක් දැනුනා .ඒ කියන්නේ මට පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් ද .මට නිකන් ම හිනාවක් ගියා කියහන්කෝ . මට මොන්ගල් වෙන්න බෑත සාන්ත .
" මම හදිස්සියේවත් සොම්බියෙක් වුනොත් ඉස්සර වෙලාම කන්නේ තමුසෙව අයියේ . ඒ නිසා ඈත් වෙලා හිටහන් .හ්හාහ්හ්..."
මම මොන්ගල් ඩයල් එකක් වගේ හිනා වුනාම ලෙවින් අයියත් කටට ඕනෑවට හිනා වෙනවා වගේ හිනාවක් දාලා මගේ කොණ්ඩේ ඇවිස්සුවා .
"ම්ම්...ඒක හොදයි . ඔයාට අමාරු ද එවෝන් . අපි ගෙදරට යමු ද "
"ඔව් නේ .මෙතන අව්ව තැපුවා ඇති නේ දැන් . මේ... සාමන්‍යයෙන් මනුස්සයෙක්ට සොම්බි කෙනෙක් වෙන්න කොච්චර වෙලා යනවද "
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...