19 ♥️

41 6 2
                                    

ඊයේ රෑ ලෙවින් අයියා නිදාගන්න එන්නම් කිව්වට ආවේ නැද්ද මන්දා . මට නින්ද ගිය තරම කොච්චරද කියනවා නම් ඒ මිනිහා ආවද නැද්ද කියලාවත් දැනුනේ නෑ . ඒත් උදේ නැගිටිද්දි මූ ටෙන්ට් එකේ හිටියෙත් නෑ .

මම තියන දෙයක් බඩට දාගෙන මූණ කටත් හෝදගෙන ලෙවින් අයියව හොයාගෙන ගියේ මූ උදේ ඉදන් පේන්න හිටියෙවත් නැති නිසා . මූ මටත් පොල්ල තියලා කෑම්ප් එකෙන් පැන්නා වෙන්න බෑත සාන්ත .

මම කෑම්ප් එකේ වටයක් දැම්මත් ලෙවින් අයියා තියා ලෙවින් අයියගේ හෙන-වැල්ලක්වත් දැක්කේ නෑ කියහන්කෝ . මේ ලෙවින් අයියා කොහාට අතුරුදහන් වුනා ද මන්දා .

මම ගිනිමැලේ ලගට ගියේ ගොඩක් වෙලාවට ලෙවින් අයියා එතනට වෙලා ඉන්න නිසා . ඒත් එතන ලෙවින් අයියා නම් හිටියේ නෑ . ඒ වෙනුවට උගේ මහ ලොකු හොදම යාලුවා හෙවත් වලත්ත කටා අප්පුහාමිගේ ටිරාන් කෑමදාස හිටියා .

ඌ ගිනිගොඩ ලග ටිකක් පරණ තාලේ නිල් පාට කාර් එකක් නවත්තගෙන ඒකට තෙල් පුරවනවා . මේකද එතකොට මූ කිව්ව මහ ලොකු ගෙම්බා කාර් එක . ඒත් මේක ගෙම්බෙක් වගේ නෑනේ .මගේ ඇස් පෙනීමේ දෝශයක් ද මුගේ ඇස්වල දෝශයක් ද මන්දා සාන්ත.

" ආහ් ගුඩ් මෝනින් පොඩි මහත්තයා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ආහ් ගුඩ් මෝනින් පොඩි මහත්තයා . දැන් ද නැගිට්ටේ "

ටිරාන් මාව දැකලා හිනාවකුත් දාගෙන එහෙම්ම කාර් එකේ ඩිකියට හේත්තුවක් දාගත්තා .

පොඩි මහත්තයා ....අම්ම ද බොල මම දැන් මුගේ පොඩි මහත්තයා ද . කවුද දන්නේ නෑ ලොකු මහත්තයා . ලෙවින්  අයි...අනේ උඔට නම් සුපිරියට ම මොන්ගල් එවෝන්. ආයෙත් ලෙවින්  .

සිරාවට ලෙවින් අයියා කොහේ ගියා ද මන්දා . මූ ඊයේ රෑ නිදාගත්තෙත් නැත්ද මන්දා . සික් පේන්නත් නෑනේ .

හදවත් ❤️Where stories live. Discover now