කතෘ මානයෙන් 💗💗 ,
නිකේෂ්ට හචින් යන්න පටන් ගත්ත නිසා නිකේෂුයි, හේෂානුයි දෙන්නම ආයෙත් කාමරේට ආවා .
" ආධ්‍ය , මම ඔයාට කොෆී එකක් හදාගෙන එන්න ද "
"අයියෝ ආයේ ඕනේ නෑ අයියේ . මම දැන් යන්න බැලුවේ "
"ඕක බීලා ගියා කියලා මැරෙන්නේ නෑනේ . මම හදන් එන්නම් , ඔහොම ඉන්න "
නිකේෂ් හේෂාන්ගේ කාමරේ වටයක් දාන අතරේ හේෂාන් උණු ම උණු කෝපි කෝප්ප දෙකක් හදාගෙන ආවා . හේෂාන්ට තිබ්බ සාමානයෙන් පොඩි කාමරයක් . ඇදක් , පොඩි අල්මාරිය ,මේස, පුටු වගේ අත්‍යවශ්‍යය ම දේවල් ටිකක් හැරෙන්න වෙන කිසි දෙයක් ඒ කාමරේ තිබ්බේ නෑ .
"ආ මේක බොන්න . එතකොට ඔය හෙම්බිරිස්සා ගතිය අඩු වෙයි ."
නිකේෂ්ට කෝපි එක දෙන ගමන් ඇදේ ඉදගත්ත හේෂාන් නිකේෂ්ටත් එතනම වාඩිවෙන්න කියලා ඔලුවෙන් සන් කරා .
"අඩේ ඔයා රසට කෝපි හදනවා නේ අයියේ . මරු ආහ් "
"ම්ම්ම්.. ඕකවත් හලාගන්නේ නැතුව බීහන් "
නිකේෂ්ගේ කොණ්ඩේ අවුස්සන ගමන් එහෙම කිව්ව හේෂාන් දිහාට අපේ නිකේ පුචා සුපිරි රැව්ලලක් දාලා බැලුවා .
" අනේ මේ අයියේ . මම පොඩි එකෙක් නෙවේ බං . අරූ නේ මට කොට්ටෙකින් දමලා ගැහුවේ . නැත්තන් ඒක හැලෙන්නේ නැනේ "
"අපෝ හරි හරි බං . කන ලග කෑගන්න එපා . උඹ පොඩි එකෙක් නොවුනට බෙහෙත් දාන වෙලාවට පොඩි එවුන්ට වඩා හපන් හ්හ්හා...."
"යැයි යැයි තමා . මේ ඒක නෙවෙයි ඔයාලගේ ගාඩ්ලා නෑනේ . මම දවල්වත් දැක්කේ නෑ ."
හේෂාන් හිනා වෙවී ම එහෙම කියද්දි නිකේෂ් නම් කරේ ලැජ්ජාව වහගන්න හේෂාන්ට රවන එක .ඒත් එක්කම නිකේෂ්ට මතක් වුනේ එයා එන ගමන් කිසිම ගාඩ් කෙනෙක් වටපිටාවේ දැක්කේ නැ කියන එක . ඒක නිකේෂ්ගේ හිතට ලොකු ප්‍රශ්නයක් වුන නිසා එයා ඒක කෙලින්ම හේෂාන්ගෙන් අහලා දැම්මා .ඒකට නම් හේෂාන් කරේ ලාවට හිනා වෙන එක විතරයි .
" හහ්. උන් පේන්න එන්නේ නෑ බං . උන් බැල්කනි එකේ ඉදන් ෂූට් කරන්නේ . උදේ 6 ඉදන් ,හවස 6 වෙනකන් කාලේ උන් ෆ්‍රී. ඒ වෙලාවට වෙනම කට්ටියක් ගාඩ් කරන්නේ.අරුන් හවස 6න් පස්සේ කෑම්ප් එකට එන යන ඕනෙ කෙනෙක්ට වෙඩි තියනවා . පහුවදා උදේට තමා බලන්නේ කවුද කියලා ."
YOU ARE READING
හදවත් ❤️
Non-Fiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...