අම්මේ මාර සැපක් දැනෙන්නේ අම්මා ඇවිල්ලා ඔලුව අත ගාලා ගිහාම . ටී එකත් ගෙනත් තියන්න ඇති නේ දැන් . අයියෝ ඔය පොඩ්ඩක් පරක්කු වෙලා වැඩට ගියාට කමන් නෑ. ආයේ බොසා මාව මරන්න කියලා ඈ . ඒ නිසා තව විනාඩි පහක් විතර නිදා ගන්නවා . අම්මා ඔලුව අත ගානකොට මාර සනීපයි අප්පා.
හෑ ...පොඩ්ඩක් හිටහන් . අම්මා , අම්මා කොහෙද බං මෙහෙ . මම මේ ඉන්නේ ගෙදර නෙවේ නේ . එතකොට ඒ කවුද . එහෙනම් ලෙවින් අයියට සිහිය ඇවිත් ද. ඒ කියන්නේ එයා සොම්බියෙක් වෙලා නෑ .
මේ ඔක්කොම මනස්ගාත මගේ ඔලුවට එක පාර එද්දි බාගෙට පුටුව උඩ ම නිදාගෙන හිටපු මම ඉරට වඩා වේගෙන් කෙලින් වුනා .
ඉරක් වුනා ම කොහොමත් කෙලින් නේ තියෙන්න ඕනේ . මම කිව්වෙත් ඉරක් ගැන නැතුව අහස මැද තියන ඉර ගැන නෙවේ. මම එකපාරට නැගිට්ට නිසා ලෙවින් අයියත් ගැස්සිලා ගියා .
ඒ...ඒ කියන්නේ මගේ අයියට සොම්බි වෛරස් එක හැදිලා නෑ .එයාගේ ලේ අරූගේ ලේ එක්ක මිකිස් වෙලත් නෑ . අනේ තැන්කු දෙයියෝ .
"ඔයා නැගිට්ට ද මැණික "
ලෙවින් අයියා තාමත් හිටියේ ටිකක් සුදුමැලි වෙලා . ඒත් ඒ ඇස් නම් සුපුරුදු විදිහට ම දිලිසෙනවා .
ඇදේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා මම දිහා බලන් හිටපු ලෙවින් අයියාගේ මූණ දැක්කම මට ආපු සතුටට හාටුව පිනුම් ගැහුවා .
ලෙවින් අයියා ලස්සන හිනාවක් දාලා එහෙම අහද්දි මට හිතා ගන්න බැරි වුනා මේ මම දකින හීනයක් ද එහෙමත් නැත්තන් ඇත්තක් ද කියලා .
" ලෙ..ලෙවින් අයියේ ඔයා හොදින් නේද "
මම එයාගේ මූණ උඩින් අත තියන ගමන් එහෙම කිව්වේ මටවත් මාව විශ්වාස නෑ වගේ දැනෙන නිසා.
නෑ..නෑ මගේ අයියට මොකුත් වෙලා නෑ. එයාව මට දැනෙනවා .ඒ කියන්නේ මේක හීනයක් නෙවේ නේද . එයා ඇත්තටම ම හොදින් නේද .
මට මේ සතුට දරාගන්න බෑ අනේ . මම උඔ ගැන කොච්චර බය වුනා ද කියලා ඔයා දන්නේ නෑනේ අයියේ . උඔව ඒ වෙලාවේ අර සොම්බි හු#තෙක් කෑවා නම් මම කොහොමද යකෝ ආයේ ජීවත් වෙන්නේ. මට පිස්සු හැදෙයි උඔට මොනා හරි වුනොත් අයියේ .
![](https://img.wattpad.com/cover/385055826-288-k276459.jpg)
YOU ARE READING
හදවත් ❤️
Fanfiction♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... ❤️😘 සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ...❤️🩹😇 වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... ❤️🔥😌 මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්ස...